ජපානයේ මාකෝ කුමරිය සහ
ඇගේ පෙම්වතා කෙයි

කොමරුගේ විවාහ මංගල උත්සවය ලබන සතියේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර රටම ඒ වෙනුවෙන් සූදානම්ව සිටියදී හදිසියේ දෙදෙනාගේ කැමැත්ත මත එය කල් දැමීමට තීරණ කෙරුණැයී රාජකීය නිවේදන උපුටමින් ජපන් පුවත් සේවා වාර්තා කර තිබේ.
 මාකෝ සහ කෙයි කොමරු දෙදෙනාම 26 හැවිරිදි වියෙහි පසුවෙන්නන්ය. කුමරිය රජපවුලේ වුවත් කොමරු  කුමරා සාමාන්‍ය පවුලක තරුණයෙකි. නමුත් එය ප්‍රේම විවාහයට බාධාවක්වී නොතිබිණි. මාකෝ යනු  අකිහිතෝ අධිරාජ්‍යයාගේ වැඩිමල් මිණිපිරියයි.
විවාහ මංගල උත්සවය රජ පවුලේ සම්ප්‍රදායට සහ චාරිත්‍රයට අනුව පැවැත්වීමට නියමිතවී තිබුණ නමුත් විවාහයටක්, ඉන්පසු ජීවිතයටක් තමන් තවමත් සූදානම් වී නැති නිසා විවාහ මංගල උත්සවය කල් දමන බව ඔවුන් දන්වා තිබේ.

(ඒ.එෆ්.පී.)