පකිස්තානයට ලෝක කුසලානය ගෙනදුන් ක්‍රිකට් නායකයාවී පසුව දේශපාලනයට පිවිස එරට විපක්ෂ නායකයකු බවටද පත්වුණ 65. හැවිරිදි ඉම්රාන් ඛාන් තෙවැනීවරටත් විවාහවි ඇත. මෙවර ඔහු බිරිය වී
ඇත්තේ, ඔහුට 'ආධ්‍යාත්මික සතුට' ළඟා කරදීමේ උපදේශිකාවක ලෙස කටයුතු කළ බුෂ්රා මනේකා නමැතීයයී.
ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමුගැනීමෙන් පසු දේශපාලනයට පිවිසි ඉම්රාන් ඛාන් නායකත්වය දෙන්නේ "තරික් ඊ ඉන්සාෆ්' දේශපාලන පක්ෂයටය. පාකිස්තානයේ ප්‍රබල විපක්ෂ දේශපාලන
කණ්ඩායමක් ලෙස

මෙම පක්ෂය සැලකෙයි. ඉරාත් බුරො මක්කාත් මංගල උක්සවය ඉතා චාමට ලාහෝර් නුවරදී පැවැත්වූ බව 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂය නිකුත් කළ නිවේනයක සඳහන් වෙයි.

මංගල උත්සවය පැවැත්වූයේ බුෂ්රා මනේකාගේ සොහොයුරාගේ නිවස්ය. බුෂ්රා මනේකාගේ වයස ප්‍රසිද්ධියට පත් කර නොමැති නමුත්, ඇය අවුරුදු 40 පසු කළ තැනැත්තියක බව පාකිස්තාන පුවත් සේවා වාචිතා කරයි. ඇය මීට පෙර විවාහ වී සිට ඇත. ඒ, ඉහළ පෙළේ රේගු නිලධාරියකු සමඟය.
 ඉම්රාන් ඛාන් ඔහුට ආධ්‍යාත්මික සුවය ළඟා කර දීමට උපදේශිකාවක ලෙස කටයුතු කරන බුෂ්රා මනේකා සමඟ විවාහ වීමට නියමිත යැයි ඕපාදූප පුවත් සේවා වාරිතා කරන්න වූයේ පසුගිය ජනවාරි මාසයේ සිටය.
ස්ත්‍රී ලෝලියකු ලෙස ඉඹරාන් ඛාන් ප්‍රසිද්ධියට පත් ව සිටී. පක්ෂ ආධාරකාරියකට අතවර කිරීමට තැත් කළේ යැයි ද ඔහුට චෝදනා එල්ල වි ඇති අතර, ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් පවා පැවැත්වෙයි. ඉරාන් ඛාන්ගේ පළමු විවාහය සිදුවූයේ 1995 වසරේදී ජෙමීමා ගෝල්ඩ් ස්මිත් සමඟය. අවුරුදු 9 කට පසු. 2004 දී දෙදෙනාගේ දික්කසාදය සිදුවිය. ඉරාගේ දෙවැනි බිරිය වූයේ රෙහාමි කාන්ය. ඇය රූපවාහිනී පුවත් නිවේදිකාවකට වූවාය. එම විවාහය මාස 10 කට පමණක් සීමා විය.