පසුගිය සතියේ චීනයේ පැවති වාර්ෂික ලුනාර් නව වසර සැමරීමට

සමගාමීව චීනේ ප්‍රධාන ධාරාවේ CCTV 1 ජාතික නාලිකාව මගින් විකාශය කරන ලද විනෝද අංගයක් දැඩි ලෙස සමාජ මාධ්‍ය මගින් විවේචනයට ලක් කර තිබේ.
මෙයට හේතුවී ඇත්තේ එම අංගයේ අප්‍රිකානු නිරූපණ ශිල්පීන් හා නළුනිළියන්ට අමතරව චීන ජාතිකයින්ද සමබන්ධ වෙද්දී ඔවුන් අප්‍රිකානුවන් ලෙස සිරුරු කළුපැහැගන්වා වෙස් මාරු කරගෙන රඟපෑමේ සිද්ධියකි.
මෙම නිරූපණය ජාතිවාදය අවුස්සන්නක් බව විවෙචකයින්ගේ මතයයි.
සාමාන්‍ය යෙන් චීන සමාජය කළු ජාතිකයින් කොන් කරන ස්වරූපයක් පවතින අතර මෙවැනි වැඩසටහන් මගින් මෙම ගැටලුව තවදුරටත් පුළුල් කථාබහකට ලක්ව තිබේ.
සංවාදයට ලක්වූ වැඩසටහනේ වීඩියෝවක් පහතින්