බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි විජේවර්ධන මහත්මිය තමන්ට නියමිත ධුර කාලය අවසන් වීමට පෙරම ස්වකැමැත්තෙන් මාර්තු 31 වනදායින් ධුර කාලය අවසන් කිරීමට තීරණය කර තිබේ.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා එම කාර්යාලය ඉදිරිපිටදී  ඇති කළ‘බෙල්ල කට්‘ සිද්ධිය මෙම ඉල්ලා අස්වීම පසුපස ඇති බව වාර්තා විය.

පෙබරවාරි 4 වැනිදා බ්‍රිගේඩියර් වරයා ඇති කළ මෙම තත්වය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය නීතිරීති අනුව කටයුතු කරන්නට යද්දී ජනපති නියමයෙන් සියලු පරීක්ෂණ නැවතුනේ ඡන්ද උණුසුම සමග ඇතිවූ සංවාදයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
 කෙසේ වෙතත් මෙම සිද්ධිය අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට

මහත් අපකීර්තියක් එක් කළ අතර, බ්‍රිතාන්‍ය රජය, ඔහුව එරට නීතිමය පිළිගැනීමක් නොමැති පුද්ගලයෙක්  (Persona Non Grata) වශයෙන් නම් කළ බවද වාර්තා විය. එරට මන්ත්‍රීවරුන් පිරිසක් මොහු පිටුවහල් කිරීමටද ඉල්ලා තිබුණි.
කෙසේ නමුත් ශ්‍රී ලංකා රජය විසින් ඒ වෙනුවට, බ්‍රිගේඩියර් ප්‍රනාන්දු ලංකාවට ආපසු කැඳවා ඇති අතර ඔහුට එරෙහිව පියවර නොගැනීම නිසා මෙහිදී මහකොමසාරිස්වරිය පීඩනයට ලක්ව ඇතැයි වාර්තාවේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ලංකාව සම්බන්ධයෙන් පනවා තිබූ රෙගුලාසි උල්ලංඝනය කිරීමක් බවද දැක්වේ.