රටේ මුදල් හොරකම් කිරීමේ ළදරු පාසල ප්‍රදේශිය සභාව බවත් එහිදි හොරකමේ ABC උගන්වනු ලබන බවත් ගායන ශිල්පි සුනිල්  පෙරේරා පවසනවා.

වෙනසක ඇරඹුම සංවිධානය විසින් ආරම්භ කරනු ලැබූ ජාතික විද්වත් සමුළුවට සහභාගි වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

“ගමේ බලය විතරක් නෙමෙයි රටේ බලයම ජවිපෙට දෙන්න ඕන. ඔය ප්‍රාදේශිය සභාව තමයි හොරකම් කරන මොන්ටිසෝරි එක. හොරකමේ ABC උගන්වන්නේ එතන. මට හැමදේම තියනවා මට දරුවෙක් දාගන්න ඉස්කෝලයට මගේ නෝනා එක පැයක්වත් ඉඳලා නෑ පෝලිමේ. කොළඹ ප්‍රභූ පැලැන්තියටයි  මම මේ කතා කරන්නේ. මාත් එක්ක කොළඹ ඉස්කෝලේ ගිය ළමයින්ටයි කතා කරන්නේ. හොද ව්‍යාපාරිකයන්ටයි මෙහෙම කතා කරන්නේ. රටේම විසිරිලා ඉන්න. තමන්ට තියන නිසා ඡන්දය දෙන්න එපා අරුන් දෙගොල්ලන්ට. ඔබේ ඡන්දය ජවිපෙට ලබා දීලා අරුන්ට පාඩමක් උගවන්න. ඒ මොකද මගේ වචනෙන් කියනවා නම් මේ ලඟදි ආපු ඩ්‍රාමා එකක් තිබ්බා බල්ලොත් එක්ක බෑ කියලා,” සුනිල් පෙරේරා මෙහිදි පවසා සිටියා.