ඊයේ අවසන් වූ ජපන් මහමැතිවරණයේදී ජපාන අග්‍රාමාත්‍ය ධුරයට යළිත් වතාවත් ජපාන ජනතාවගේ බහුතර කැමැත්ත මත  ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ පත්විය.
ඔහු තරග වැදුනේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයෙනි. ඔහු සමග සහායට කොමෙල්ටෝ පක්ෂයද හවුල්වූ අතර ඊයේ නිමා වූ ජපාන මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් එම පක්ෂ 2ට  හිමි විය.


සමස්ථ ආසන 465 න් ආසන 283 ක් හා 29 ක් එම පක්ෂ දිනා එකතුව 312ක්  (සියයට 66 ක් පමණ) හිමිකර ගන්නට ඔවුනට හැකිවිය.නියමිත කාලයට වසර දෙකකට පෙර මහමැතිවරණය පැවැත්වීමට ජපන් අග‍්‍රමාත්‍යවරයා තීරණය කළේ සිය ආර්ථික ප‍්‍රතිපත්ති සඳහා වන ජනතා කැමැත්ත උරගා බැලීම සඳහායි.

උතුරු කොරියාවට එරෙහිව ආර්ථිකය මෙහෙයවීම පිළිබඳ අබේ ඉදිරිපත් කළ යෝජනා නිසා පසුගිය කාලයේ ජපන් ජාතිකයින්ගේ ප්‍රසාදය ඔහුට හිමිව තිබුණි.2021 දක්වා ඔහු බලයේ රැඳෙනු ඇත.