2000 වසර මුල් කාලයේ ලංකාවේ මෙන්ම ලෝකයේම විශ්වාසය දිනාගත් සුවිශේෂී Nokia ජංගම දුරකථනයේ 3310 මාදිලිය ආයෙත් වෙළෙඳ පොළට නිකුත් කරන්නට සැලසුම් කර ඇති බව තාක්ෂණික වෙබ් අඩවි රැසක් වාර්තා කර තිබේ.

බිම වැටුණත් වැඩ කරන හොඳ බැටරි කතා කාලයක් සහිත
මෙම දුරකථනය බෙදාහැරීම අවසන් කර තිබුනේ 2003 වසරේ වන නමුත් මෑතක් වනතුරුම එහි පාවිච්චි කළ දුරකථන වලට පවා අධික ඉල්ලුමක් පැවති බව ලෝකය පුරා වෙළෙඳ සමීක්ෂණ වලින් පෙන්වා දී ඇත.
වසර 17 කට පසු පරණ මුහුණුවරින්ම එය පැමිණෙන්නේ මේ කාලයේ තිබෙන ස්මාර්ට් ජංගම දුරකථන සමග තරගයක් දෙන්නටය.(නොකියා සමාගම නොකියා 6 නමින් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක්ද මේ වනවිට හඳුන්වාදී ඇත)
ෆින්ලන්ත සමාගමක් එච්.එම්.ඩී. පෙබරවාරි 26 වන දින ස්පාඤ්ඤයේ බාර්සිලෝනාහි පැවැත්වෙන ලෝක ජංගම
 දුරකථන කර්මාන්ත සමුළුවේදී 3310නැවත ඉදිරිපත් කරන්නට නියමිතය.
වාර්තාවන ආකාරයට යුරෝපයට යුරෝ 50 ක් (ශ්‍රී ලංකා රුපියල් 8000/-)  වැනි මුදලකට එහි මිල නියම කර ඇත.