ලොව පුරා ප්‍රචාරයක් ලබාදෙමින් පසුගිය මාසයේ චීනයේ දී විවෘත කළ වීදුරු පතුලක් සහිතව නිමවා ඇති ලෝකයේ දිගම පාලම තාවකාලිකව වසා දමන්නට චීන බලදාරීන්ට දැන් සිදුව ඇත. ප්‍රමාණයට වඩා සංචාරකයන් පිරිසක් එක් වරක දී පාලම තරණය කිරීම එයට හේතුවී ඇත. ඒ නිසා එය දරාගැනීමේ ශක්තිය මත පුපුරායාමේ අවදානමකට ලක්ව ඇත.
 හුනාන් පළාතේ සන්ජියෙජි සානුව හරහා මීටර 300 ක් ඉහලින් ඉදිකර ඇති මෙම පාලමේ එක් වතාවකදී අට සීයක් පමණ පිරිසකට මීටර හාර සියයකට වැඩි දිගින් යුත් පාලම තරණය කරන්නට හැකිය.
පාලම නැවත විවෘත කරන දිනයක් සඳහන් කර නැත.