දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන වසර පහකට ආසන්න කාලයක් හමුදා රෝහලක රඳවා සිටි පිලිපීනයේ හිටපු ජනාධිපති ග්ලොරියා අරායෝ ඊයේ නිදහස් කෙරුණි.ඇයට එරෙහිව ඉදිරිපත්වූ දූෂණ චෝදනා ශේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීමෙන් පසු මෙසේ හිටපු ජනපතිනිය රඳවා ගැනීමෙන් නිදහස් කෙරුණි.

වර්ෂ 2001 -2010 අතර බලයේ සිටි කාලයේදී පිලිපීන ජාතික ලොතරැයි මණ්ඩලයේ මුදල් පෙසේ දසලක්ෂ 366ක් පුණ්‍ය කටයුතු සඳහා අයථා ලෙස යොදා ගනිමින් පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ග්ලොරියාට නඩු පවරා හමුදා රෝහලක ඇය රඳවා තිබුණි.

ග්ලොරියා 69 හැවිරිදි වන අතර පිටකොන්දේ ස්නායු ආබාධයකින් පෙළෙන්නීය. ඇයට එරෙහි චෝදනා නඩු පැවැරීමට තරම් ප‍්‍රමාණවත් සාක්ෂි සහිතව ගොනු කර නැති බව ශේෂ්ඨාධිකරණය පැවැසීය.

ඇගේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වූ බෙනිග්නෝ අකීනෝගේ පාලන සමයේදී 2011දි ඇය අත්අඩංගුවට පත්වූ අතර අරායෝට සමාව දීමට තමන් සූදානම් බව නව ජනපති ඩුටාරේට් ඔහුගේ ඡන්ද ව්‍යෘපාරයේදි කිහිපවරක්ම පැවැසීය. 2007 දී බෙනිග්නෝ බලයට පත්කල මැතිවරණයේ ප‍්‍රතිඵල කොල්ලකෑමට කුමන්ත‍්‍රණය කිරීමේ චෝදනාවකටද ග්ලොරියා වරක් අත්අඩංගුවට පත්වූවාය.

ග්ලොරියාගේ ආධාරකරුවෝ ඇය නිදහස් කිරීම පිළබඳ රටපුරා ඇගේ ඡායාරූප අලවමින් සතුට පළ කළ අතර මැතිවරණය පරාජයට පත්ව සිටින හිටපු ජනපති බෙනිග්නෝ අකීනෝ ඇය නිදහස් කිරීම පුදුමයක් බව පැවැසුවාය.

මැනිලා,ඒ.එෆ්.පී.