මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර
මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.




ඔහු මෙතෙක් රඳවා සිටියේ ‘වයිඕ‘ සිරවාට්ටුවේය. මරණ දඬුවම නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී
ප්‍රේමලාල් ජයසේකර මහතා බන්ධනාගාර රෝහලේ අංක 3 වාට්ටුවේ ප්‍රතිකර ලබමින් සිටින අතර අංක
3 වාට්ටුවේ මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, තංගල්ල
ප්‍රාදේශීය  සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ , විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න
යන අයද බන්ධනාගාර රෝහලේ අංක 3 වාට්ටුවේ සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත්
සඳහන් කළේය.
(ජයන්ත සමරකෝන්)