එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් ජනපදයේ චීන සතු වීඩියෝ බෙදාගැනීමේ වේදිකාවක් වන TIK TOK තහනම් කිරීමට ප්‍රතිඥාවක් දී තිබෙනවා.



බීජිං විසින් ඇමෙරිකානු IP සොරකම් කිරීමේ චෝදනාව මධ්‍යයේ මෙලෙස විධායක නියෝගයක් මගින් තමාට මෙය කළ හැකි බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

මෙම තහනම බලාත්මක කිරීම සඳහා විධායක නියෝගයක් හෝ හදිසි බලතල තමන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කර තිබෙනවා.

මීට පෙර මයික්‍රොසොෆ්ට් සමාගම විසින් චීන සමාගමක් වන බයිට් ඩෑන්ස් වෙතින් වීඩියෝ යෙදුම ලබා ගැනීම සඳහා සාකච්ඡා සඳහා සම්බන්ධ වී ඇති බවට වාර්තා වී තිබියදී මෙම යෝජනාව ඔහු විසින් දිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් මයික්‍රොසොෆ්ට් සහ බයිට් ඩෑන්ස් යන සමාගම් දෙකම මේ පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විදේශීය රටක නිෂ්පාදිත ටික්ටොක් යෙදවුම ජාතික ආරක්ෂක අවදානමක් විය හැකි බවට ප්‍රතිපත්ති සම්පාදකයින්ගේද මතය වී තිබෙනවා.