පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ (PIA) එයාර් බස් A320 ගුවන් යානයක් ලහෝරයේ සිට ගමන් කර කරච්චි වෙත ගොඩබෑමට උත්සාහ කළ අවස්ථාවේ ගුවන් තොටුපළට පෙර කිලෝමීටරයකට අඩු දුරින් පිහිටි ජනාකීර්ණ නේවාසික ප්‍රදේශයකට කඩා වැටී තිබේ.
නිවාස ඒකක රැසක් හා විශාල පිරිසක් සිටි ස්ථානයකට අනතුරුදායක ලෙස කඩාවැටුණ යානය
ගිනිගෙන අවට ගොඩනැගිලිද හානියට පැමිණවූ අතර පිපිරීමක් ලෙස දිස්වූ මෙම සංසිද්ධියේදී විශාල කළු දුමාරය වාතයේ ඉහළ ගිය අයුරු වීඩියෝ ගතවී ඇත.මාලීර් හි මොඩල් ජනපදය අසල ජින්නා ගාඩ්න් ප්‍රදේශයේ නිවාස මත එය පතිත විය.

ලාහෝර් සිට ගුවන් ගත වූ පීකේ -8303 නමැති මෙම ගුවන් යානයේ මගීන් 92 ක් හා කාර්ය මණ්ඩලය 7 ක් ලෙස පුද්ගලයින් 99 දෙනෙකු සිටි අතර කඩා වැටුණ ස්ථානයෙන් තවම හමුවූයේ මළ සිරුරු 57 කි. යානයේ ගමන් කර බේරුණ 3 දෙනෙකුද එම ස්ථානයේදී හමුවී තිබේ.


යානයේ 96 දෙනෙකු තවම අතුරුදන් වන අතර කඩාවැටුණ නේවාසික පදිංචිකරුවන්ද පිරිසක් අතුරුදන්ය.

ගිනිගත් යානයේ පිළිස්සී ගිය අය සිටිය හැකි බවට අනුමාන පවතින අතර
හමුවූ සිරුරු 57 යානයේ ගමන් කළ අයගේ සහ නේවාසිකයින්ගේ මිශ්‍රණයක් වියහැකි බවට අදහස් පළව තිබේ.
යානය කඩා වැටීමෙන් නිවාස ගණනාවකට බරපතල හානි සිදුවී ඇත. සිද්ධිය සිදුවූ ආකාරය තවමත් විමර්ශන මට්ටමින් පවතින අතර වාර්තාවලට අනුව යානය දෙවන වරටත් ගොඩබෑමට උත්සාහ කරමින් සිටියේ කලින් කළ උත්සාහය අවලංගු කිරීමෙන් පසුව බව කියැවිණි.

ගුවන්යානා ලුහුබැඳීමේ වෙබ් අඩවියක පටිගත කර ඇති දත්ත අනුව අනතුරට පෙර අවසන් මොහොතේදී, ගුවන් නියමුවන්ගෙන් එක් අයෙකුට එන්ජින් දෙකම අහිමි වී ඇති බව ගුවන් ගමනාගමන පාලකවරයාට පවසනු ඇසෙන බවද විමර්ශනය කර ඇත.

ඇසින් දුටු සාක්ෂිකරුවන් පැවසුවේ කඩා වැටෙන්නට පෙර යානය මුලින්ම ජංගම කුළුණක ගැටී ඇති බවයි.
කොරොන වයිරස් වසංගතය හේතුවෙන් පාකිස්තානය  අගුලු දමා තිබූ ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමෙන් සතියකට පසුව මෙම අනතුර සිදුවිය.
සිද්ධිය සම්බන්ධ අන්තර්ජාලයේ පළවූ වීඩියෝ එකතුවක් පහතින්

(සූසර් ජයනන්ද)
[May23, 2020 - Gossiplankanews.com]