මියගිය බව කියන පුද්ගලයෙකු මාසයකට පසුව නැවත පැමීණීමේ සිද්ධියක් මීගොඩ මුතුහේනවත්ත ප්‍රදේශයෙන් වාර්තාවී තිබේ. අවසන් ගෞරවයද දක්වා වළදැමීමෙන් පසුව 79 හැවිරිදි මෙම පුද්ගලයාගේ පැමිණීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව භිතියට පත්ව ඇතැයිද
වාර්තාවේ.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
වැල්ම්පිටියේ යකඩ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිට ඇති මෙම පුද්ගලයාට සිය නිවෙස වෙත පැමිණීමට නොහැකි වී ඇත්තේ කොරෝනා වසංගත තත්වය හමුවේ ඇදිරීනීතිය පැවැවීම හේතුවෙනි.
ඔහු අවසන් වරට සිය නිවෙසට ගොස් තිබුණේ පෙබරවාරි මස 04 දාය.


ඇදිරීනිති සමයේ සිය පියා ගැන කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන් ඔහුගේ දරුවන් පොලිසිය වෙත පැමිණිලි කර තිබූ අතර පසුව රිය අනතුරකින් පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව සැලවීමත් සමග පොලිසිය දුන් ඇමතුම අනුව දරුවන් බලන්නට ගොස් පියාගේ මුහුණුවරට සමාන කම් ඇති නිසා ඒ සිය පියා බවට දරුවන් විසින් හදුනාගෙන තිබුණි. ඒ පසුගිය මස 15 දායී. පසුව එම දේහය නිවසට ගෙනවිත් අවසන් කටයුතු සිදුකර තිබුනේ ඇත්තටම ඒ තම පියා බව සිතමිනි.

කෙසේ වෙතත් ඊයේ අනාවරණ වී ඇත්තේ සිය පියා ලෙස හදුනාගත් පුද්ගලයා වෙනත් තැනැත්තෙකු බවයි. එමෙන්ම ඊයේ නිවසට පැමිණි මෙම පුද්ගලයා නිවැරදි පියා බවට දරුවන් මවිතයෙන් යුතුව හඳුනාගෙන ඇත.
දැන් උද්ගතව ඇති ප්‍රශ්නය වන්නේ මීට පෙර වළ දමනලද පුද්ගලයා කවුරුන්ද යන්න තහවුරු කර ගැනිමයි. ඒ සඳහා පරීක්‍ෂණ අරඹා ඇති බව පොලිසිය පවසයි.