ඇමරිකාවේ වර්ජිනියාහි පුද්ගලයෙකු පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගනු ලැබුවේ සාප්පු සොරකම් කිරීමේ චෝදනාව මතය. ඔහු සහ මිතුරෙකු ඇල්කොහෝල් සොරකම් කර තිබුණි.අත්අඩංගුවට පත්වන අවස්ථාව වනවිට ඔහු සහ මිතුරා ගෙදර හැදූ “මුහුණු ආවරණ”යක් හැටියට හිස් කොමඩු පැළඳ සිටිය බව වාර්තා විය.
මෙම සොරකම අල්ලාගැනීමට
පොලිසියට උපකාර ළුූයේ මේ අය පළ කළ ටික්ටොක් වීඩියෝවකි.
එක් අයෙකුවූ ජස්ටින් රොජර්ස් විසින් කොමඩු පැළඳ  සිල්ලර බඩු සාප්පු සවාරි යන ටික්ටොක් වීඩියෝවක් "කොරෝනා වෙස් මුහුණක්" ලෙස පළ කර තිබුණ අතර ඒ ඔස්සේ සීසීටීවී දත්ත ගැළපීමෙන් මෙම සොරකම අනාවරණය කරගෙන ඇත.

20 හැවිරිදි ජස්ටින් රොජර්ස් විසින් මැයි 5 වන දින ටික්ටොක් වීඩියෝවක් පළ කරන ලද අතර එය ඔහුට සහ තවත් මිනිසෙකුට කොමඩු දෙකක් මිල දී ගෙන ඒවා ඉවතට ගෙන ගොස් සිල්ලර බඩු සාප්පු සවාරි යන විට ඔවුන්ගේ හිස මත පැළඳ සිටියේය. අක්ෂි කුහර දෙකක් හැර කොමඩු මේ පිරිමින්ගේ මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබුණි.
සොරකම සිදුවූ දින රාත්‍රියේ, රොජර්ස් වාඩි වී සිටි වාහනයට සමාන විශාල කළු ට්‍රක් රථය පදවාගෙන යන අයුරුද මෙම වීඩියෝ පටයේ දැක්වේ.
පොලිස් දෙපාර්තමේන්තුව ෆේස්බුක් සටහනක් තැබුවේ වැරදිකරුවන් හඳුනා ගැනීම සඳහා ප්‍රජාවේ සහාය ඉල්ලා සිටිමිනි - ඒ අනුව වීඩියෝ නැරඹූවන් සැපයූ ඔත්තු අනුව මැයි 15 වන දින රොජර්ස් අත්අඩංගුවට ගනු ලැබීය.
සුළු සොරකම් කිරීම, බාල වයස්කරුවෙකු විසින් මත්පැන් ළඟ තබා ගැනීම සහ ප්‍රසිද්ධියේ වෙස්මුහුණක් පැළඳීම යන චෝදනා යටතේ රොජර්ස්ට එරෙහිව නඩු පවරා තිබේ.
-විනෝද් විශ්වජිත්
[May22, 2020 - Gossiplankanews.com]