භාවප්‍රාප්‍ත වූ අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණය සඳහා ඔහුගේ පුත් ජීවන් තොන්ඩමන් හට නාම යෝජනා ලබා දෙන්නැයි ලංකා කම්කරු කොංග්‍රසය අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලා තිබෙයි.
26 හැවිරිදි ජීවන් තොන්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසයේ
යොවුන් බලකායේ ප්‍රධානියාය.

ඉදිරි මහ මැතිවරණය සඳහා ආරුමුගම් තොන්ඩමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා නාම යෝජනා බාර දෙනු ලැබු අතර ඔහු මියයාමෙන් පසු අගමැති කාර්යාලය සඳහන් කලේ ජීවන් තොන්ඩමන් ගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවයි.