රාජ්‍ය නොවන සංවිධාන අටක සහාය ඇතිව හොංකොංහි ධනවත් ව්‍යාපාරිකයෙකු එරට දිස්ත්‍රික් දහඅට පුරා නොමිලේ මුහුණු ආවරණ මිලියන දහයක් ලබා දීමට අපේක්ෂා කර ඇත. මොහු නමින් ඒඩ්‍රියන් චෙන් නම් ධනවත් ව්‍යාපාරිකයෙකි. ඒඩ්‍රියන් විසින් දියත් කරන ලද නව වැඩපිළිවෙලෙහි එක් අදියරක් ලෙස මෙසේ
හොංකොංහි පදිංචිකරුවන්ට මිලියන ගණනක මුහුණු ආවරණ
නොමිලේ ලබා දෙනු ඇත.  මෙම ව්‍යාපෘතිය “Mask to Go” ලෙස නම් කොට තිබේ. එහි ප්‍රධාන අරමුණ වන්නේ නව කොරෝනා වෛරසයෙන් වඩාත් අවදානමට ලක් වූ පුද්ගලයන්ට මුහුණු ආවරණ ලබා දීමයි.  මුහුණු ආවරණ බෙදා හැරීම සඳහා චෙන්ග් විසින් රාජ්‍ය නොවන සංවිධාන අටක සහය ලබාගෙන ඇති අතර ඔවුන් හොංකොං දිස්ත්‍රික්ක දහඅට පුරා  යන්ත්‍ර 35 ක් පමණ ස්ථාපිත කර ඇත.
මේවා බෙදාහැරීම සීමාවක් තුළ සිදුකිරීමට ස්මාර්ට් කාර්ඩ් භාවිතය සිදුවේ.
නිව් වර්ල්ඩ් ඩිවලොප්මන්ට් දේපල සංවර්ධන සමාගම සියලුම උපකරණ නිෂ්පාදනය කරයි. දිනකට මුහුණු ආවරණ 20,000 ක් පමණ නිෂ්පාදනය කරන අතර කලින් ලියාපදිංචි කරන ලද “ස්මාර්ට්” කාඩ්පත් හිමි නිවැසියන්ට එමඟින් සති දහයක කාලයක් තුළ සෑම සතියකම මුහුණු ආවරණ පහක් ලබාදෙනු ඇත.

උසස් තත්ත්වයේ මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීම සඳහා ඔහුගේ කණ්ඩායම  වෙහෙස මහන්සි වී වැඩ කරන බැවින් ඔවුන්ගේ එම කැපවීම තමන් විසින් අගය කරන බවත් මෙම ක්‍රියාව මෙවැනි යහපත් දේවල් වෙනුවෙන් තවත් පිරිස් පොළඹවන බවත් ඔහු තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ප්‍රකාශ කොට තිබේ.

- රිෂ්මි ඉෂාරා -