ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) මගින් ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලංකාවේ උපන්
චමින්ද ප්‍රභාත් පල්ලියගුරු නමැත්තෙකුට වරෙන්තුවක් නිකුත් කර තිබේ.
2020 මාර්තු 7 වන දින හය හැවිරිදි  දැරියක දූෂණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහියෝහි ෆ්‍රෑන්ක්ලින් ප්‍රාන්තයේ වාසය කළැයි කියන මෙම පුද්ගලයා සොයා දෙන ලෙස වරෙන්තු නිකුත් කර තිබේ.


වයස අවුරුදු 10 ට අඩු බාල වයස්කරුවෙකු දූෂණය කිරීම සහ දළ වශයෙන් වරදකාරී අවස්ථා තුනක් යටතේ ඔහුට දඩුවම් ලබාදීමට අවශ්‍යව ඇතැයි වරෙන්තුවේ දැක්වේ.
මෙය සම්බන්ධයෙන් 2020 අප්‍රියෙල් 21 වන දින ඔහියෝහි ෆ්‍රෑන්ක්ලින් ප්‍රාන්තයේ පොදු අභියාචනාධිකරණයේ දී පල්ලියගුරු‍ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළ බව එෆ්බීඅයි පවසයි.
පල්ලියගුරු අවසන් වරට දුටුවේ එක්සත් ජනපද / මෙක්සිකෝ දේශ සීමාව අසල කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ හි ය.
ඔහු නිව් ඇල්බනි, ඔහියෝ සහ කැලිෆෝනියාවේ ඇනහයිම් ප්‍රදේශ සමඟ සබඳතා පවත්වන බවත් අර්ධ කාලීනව ශ්‍රී ලංකාවට සංචාරය කරන්නෙකු බවත් හඳුනාගෙන ඇත.
මෙම පුද්ගලයා පිළිබඳ කිසියම් තොරතුරක් ඇති ඕනෑම අයෙකුට ප්‍රාදේශීය එෆ්බීඅයි කාර්යාලය හෝ ළඟම ඇති ඇමරිකානු තානාපති කාර්යාලය හෝ කොන්සියුලර් කාර්යාලය අමතන්නැයි එෆ්බීඅයි ඉල්ලා ඇත.
-විනෝද් විශ්වජිත්