කොරෝනා මරණ වලින් ඉතාලිය (19468) අභිබවා ඇමරිකාව (20580) දැන් පෙරමුණට පත්ව තිබේ.
කොරෝනා වසංගතය දැඩි ලෙස පැතිරුණ චීනයේ හුබෙයි පළාතින් පසු වැඩිදෙනා කථා කළේ ඉතාලියේ ලොම්බාර්ඩිය ගැනයි. අනතුරුව දැන් කොරෝනාවෙන් දැඩිව බැටකන්නේ ඇමරිකාවයි. එහිත් නිව්යෝර්ක් ප්‍රාන්තයයි. නිව්යොර්කයේ නැගෙනහිර වෙරළ තීරයේ ආසාදිත හමුවීම් වැඩි බව දැක්වේ.
අවසන් යාවත්කාල කිරීම අනුව නිව්යෝර්කයේ පමණක් මරණ 8672 කි. ආසාදිතයින්

හමුවීම් 181144 කි. ඇමරිකාවේ දෙවැනි තැන ගන්නා ප්‍රාන්තය නිව්ජර්සිහි අසාදිතයින් 58151 කි.තෙවැනි තැන මිචිගන් 23993 කි.
කෙසේ වෙතත් ඇමරිකාවේ කොරෝනා පාලනය කිරීම එක් එක් ප්‍රාන්ත අනුව වෙනස් ක්‍රමවේදයන් මත සිදුවේ.
නිව්යොර්ක් නුවරට කොරෝනා ආවේ උතුරට වන්නට පිහිටි නිව් රොෂෙල් හා නැගෙනහිර වෙරළ තීරයෙනි. මාර්තු 18 වන විට අවම වශයෙන් ආසාදිතයින් 380 ක් සොයාගෙන තිබුණි. මුල් සිදුවීම් බොහොමයක් තරුණ ඊශ්‍රායල් ආගමික කණ්ඩායමකට සම්බන්ධව හමුවී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වෛරසය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කළ පසු ආණ්ඩුකාර ඇන්ඩෘ කියෝමෝ ජනවාරි 30 වන දින ආපදා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබුණි. නිව්යෝර්ක් නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන ලදි.
නිව් ජර්සි සහ කනෙක්ටිකට් හි සිය සගයන් සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී මාර්තු 16 වන විට බාර්, අවන්හල් සහ සිනමා ශාලා වසා දමන බව කියෝමෝ නිවේදනය කළේය. විනෝදාත්මක හා සමාජ රැස්වීම් සීමා කළේය.
"අපගේ සියලු ප්‍රාන්තවල අදාළ වන පොදු නීති මාලාවකට අපි එකඟ වී සිටිමු. එබැවින් අසල්වැසි රාජ්‍යයකට යාම ගැන නොසිතන්න" කියෝමෝ පැවසීය.
මාර්තු 16 වන දින කියුමෝ විසින් ප්‍රාන්තය පුරා පාසල් වසා දමන ලදී.
කියුමෝ මාර්තු 20 වන දින සියලුම අත්‍යවශ්‍ය නොවන සේවකයින්ට නිවසේ රැඳී සිටින ලෙස පැවසූ අතර පච්ච කොටා ගැනීම, සැලෝන් සහ බාබර් සාප්පු වසා දැමීමට නියෝග කළේය.
ට්‍රම්ප් මාර්තු 22 වන දින කැලිෆෝනියා සහ වොෂිංටන් ප්‍රාන්තය සමඟ නිව්යෝර්ක් හි වෛරසය පාලනය කිරීමට ගන්නා උත්සාහයන්ට සහාය වීම සඳහා ජාතික ආරක්ෂක බළකාය යොදවන බව නිවේදනය කළේය.
ඕනෑම ප්‍රාන්තයක වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සිටින්නේ නිව්යෝර්ක්හි ය. ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක දැඩි නීතිරිති මේ සම්බන්ධයෙන් පනවා ඇතත්
නිව් යෝර්ක් නගරයේ නීති තවමත් අන් ප්‍රාන්ත තරම් දැඩි නැති බවට විවේචනයක්ද පවතී.

නිව්යොර්ක් නගරාධිපතිවරයාගේ විධිවිධාන අනුව ප්‍රාන්ත වැසියන්ට නිවසින් පිටත සංචාරය කරන්නට අවසර ඇති අතර අත්‍යවශ්‍ය අවශ්‍යතා / වැඩ සඳහා පමණක් අවසරය හිමිවේ. වයස අවුරුදු 70 සහ ඊට වැඩි පුද්ගලයින් සහ ප්‍රතිශක්තිය  හීන පුද්ගලයින් නිවසේ රැඳී සිටිම උචිත යයි දන්වා ඇති අතර පවුලේ සාමාජිකයින්ගේ හෝ සමීප මිතුරන්ගේ නිවෙස්වලට යාම සීමා කළ යුතුයැයි දන්වා ඇත.
රැස්වීම් පැවැත්විය හැකි නමුත් අත්‍යවශ්‍ය නොවන රැස්වීම් පමණක් තහනම්ය.
ව්‍යාපාර සිදු කිරීමේදී අත්‍යවශ්‍ය මෙහෙයුම් අවම මෙහෙයුම් පමණක් කරන්නටත් බොහෝ දුරට වැඩ කටයුතු දුරස්ථ වැඩ වලට සීමා කළ යුතු යයි උපදෙස් සපයා ඇත.
රජ්‍යයෙන් බැහැර සංචාරකයින් සඳහා අනිවාර්ය නිරෝධායනයක් නොමැත. කොවිඩ් -19 රෝගියෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් සඳහා අනිවාර්ය නිරෝධායනයක් තිබේ.
බාර් / අවන්හල් විවෘතව තැබිය හැකිය. නමුත් කෑම පිටතට ගෙනයාම සැලසීමට පමණි. වෙරළ / උද්‍යාන තුළ ජනතාවට ගැවසීමට හැකිය. නමුත්  උද්‍යානවල සමාජ දුරස්ථභාවය සුරකීමට අවනත වියයුතු යයි දන්වා තිබේ.