පසුගිය ජනපතිවරණ සමයේ ජනපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බවට පුළුල් ප්‍රචාරයක් දියත් කර මහජන අරමුදල්ද ලබාගෙන එක්වරම ඉන් ඉවත්වී තරග කරන්නට පක්ෂයක් නැති බව දක්වමින් මැසිවිලි නැගූ
නාගානන්ද
කොඩිතුවක්කු මහතා නැවතත් දේශපාලන කරළියට පැමිණ තිබේ.
ඔහු මෙවර මහමැතිවරණයට ශ්‍රී ලංකා විනිවිද පෙරමුණ නමැති පක්ෂයක් හරහා ඉදිරිපත්වන්නට අදහස් කර තිබෙන අතර මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කර තිබෙන එම පක්ෂයෙන් ඔහු ඉදිරිපත්වන බව දන්වා ඇත.