සුනඛයෙකුගේ හිස සහ මුහුණ ප්‍රදේශයේ මන්නා පිහිය රැඳෙන ආකාරයෙන් කරන ලද පහරදීමක් සම්බන්ධ ඡායාරූප රැසක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තාවූ මෙම සිදුවීම
සත්‍ය එකකි.
මෙම සුනඛයා බරපතල තුවාල සහිතව දණ්ඩගමුව පශූ වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගොස් ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල නගරයේ පිහිටි පෞද්ගලික සත්ව රෝහලකට ගෙන ගොස් පැය 4 පමණ සැත්කමක් සිදුකර ඇති බවට වැඩි දුර තොරතුරු වාර්තා විය. ඉන් පසු එම මන්න‍ා පිහිය ඉවත් කර තිබේ.
සුනඛයාගේ හිස සහ මුඛය අතර ප්‍රදේශය තුළ අඟල් 3 ක් පමණ මෙම මන්නා පිහිය ඇතුළට ගොස් ඇති බවද සැල විය.
එහි වෛද්‍යවරයෙකු සඳහන් කළේ  සැත්කමෙන් පසුව සුනඛයාගේ තත්ත්වය මේ වන විට යහපත් බවකි.