https://www.gossiplankanews.com/2020/01/ranjan-leaks-hit-internet.html#more
න්ජන් රාමනායකගේ හඩපට අසාමාන්‍ය ලෙස අන්තර්ජාලයේ ප්‍රසිද්ධවීමත් සමග රන්ජන් සමග ඇමතුම් පැවැත්වූ ඇතැම් අය තමන්ගේ ප්‍රසිද්ධිය උදෙසා රන්ජන්ගේ ලීක්වූ හඩ පටි ගොඩට තමන් සමග පැවැත්වූ සාකච්ඡා ඇතුළත් කිරීමට උත්සාහ ගනිමින් සිටින බව වාර්තාවේ.
මේ සදහා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු දැක්වූ උත්සාහයක්ද ඊයේ වාර්තා විය. එම ඇමතුම නිරීක්ෂණයේදී රන්ජන්ගේ හඩ අපැහැදිලි ලෙස දුරකථන ඉයර්ෆෝනයකින් ඇසෙන
ස්වරූපයෙන්ද නිෂ්පාදකයාගේ හඩ ඉතා පැහැදිලිව දුරකථනයේ සිට ඇසෙන අයුරින්ද හදුනාගන්නට ලැබේ.
ඒ අනුව එම හඩ පට රන්ජන් පටිගත කළ ඒවා නොව එම නිෂ්පාදක පටිගත කළ ඒවා බවට හදුනාගන්නට ලැබේ.
මේ අතර තවත් අය රන්ජන්ගේ පිටවූ හඩපට වල ඇතැම් කොටස් කපා

වෙනත් අයගේ හඩ කොටස් එයට ඈදාගෙන යම් යම් නිර්මාණාත්මක හඩ පට පිට කර ඇති බවද සමාජ ජාලා නිරීක්ෂණයේදී හසුවේ. ('එඩිට්' ඒවා)
ඒවා අතර ශෘංගාරාත්මක වැඩිහිටියන්ට වඩාත් සුදුසු අදහස් ඇති හඩ පට බොහොමයක් තිබෙන අතර රන්ජන්ගේ හඩ පට අතුරින් වැඩිම ජනප්‍රියතාව හිමිව ඇත්තේද දේශපාලන ඒවාට වඩා ඒ ආකාරයේ හඩ පටි වලට නිසා මෙම නිර්මාණ එළි දක්වා වැඩිපුර 'හිට්ස්' රැස් කිරීමට ඇතැම් යූටියුබ් නාලිකා ක්‍රියා කර ඇති අයුරු නිරීක්ෂණය වේ.
මේ අතර අන්තර්ජාලයේ පැතිර ගිය පුවතකින් පැවසුනේ රන්ජන්ගේ හඩ පට වලින් රජයට වාසිදායි ඒවා පමණක් එළියට ආවත් අනෙක්වා එළියට නොඑන නිසා ඉදිරියේදී රන්ජන් සමග අලුතින් ඇමතුම් පවත්වා අදාළ කරුණුද මතු කර ඒවා සමාජ ජාලා වෙත මුදා හැරීමට ඔහුට පක්ෂයේ ඇතැමුන්ගෙන් උපදෙස් ලැබී ඇති බවකි.
මේ වනවිට අවස්ථා 6 කදී පමණ රන්ජන් රාමනායකගේ හඩ පට 25 කට වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලයට මුදාහැර ඇති අතර අද අලුත් ඒවා මොනවාද යන්න සොයා බැලීමට අන්තර්ජාල පරිශීලකයින් හැමවිට සෙවුම් කරන බවද දැනගන්නට ලැබෙයි.
ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ රන්ජන් යන නම පසුගිය සතියේ වඩාත් ඉහළ අගයක් ගත් අයුරු පහත ප්‍රස්ථාරයෙන්ද දැක්වෙයි.