https://www.gossiplankanews.com/2019/12/z-score-school-basis.html
ජයේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට දැනට භාවිතා කරනු ලබන Z-Score ක්‍රමවේදය අනුව දිස්ත්‍රික් පදනම වෙනුවට පාසල් පදනම් කර ගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව
අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම අද පැවසීය.
මේ

දක්වා කුසලතාවට සියයට 40 දිස්ත්‍රික් පදනමට සියයට 55 හා දුෂ්කර පාසල් සඳහා සියයට 5 යන අගයන් මත සරසවි පිවිසුම් ඉසෙඩ් අගය සකසා තිබුණි. නමුත් ඇමතිවරයා කියා සිටින්නේ දුෂ්කර පාසල් සිසුන් එයින් අසාධාරණයට ලක්ව තිබෙන බවයි.

ඒ් නිසා මෙහිදී සියයට 55 දිස්ත්‍රික් පදනම වෙනුවට එය අහෝසි කර පාසල් පදනම යන නව ක්‍රමවේදයකින් සෑම පාසලකම දක්ෂ සිසුන්ට අවස්ථාවක් ලැබෙන පරිදි තෝරාගන්නට තීරණය වූ බව දන්වා තිබේ.

ලංකාවේ උසස් පෙළ උගන්වන පාසල් සියල්ල එකතුව  3098 ක් බවත් ඒම පාසල් වල සිසුන්ට සාධාරණයක් හිමිවන පරිදි සරසවිවලට බඳවා ගන්නට ඒ් ඒ් පාසලට අදාල ප්‍රතිශත අගයන් තීරණය වියයුතු බවත් ඒ් සඳහා සියලුම රජයේ වගකිව යුතු අධ්‍යාපන ආයතන හා පුද්ගලයින් රැස් කර කමිටුවක් මගින් අවසන් අගයන් නිර්ණය වනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මේ අනුව නව අවශ්‍යතා අනුව උසස්පෙළ සිසුන් සරසවි වරම් ලබාගැනීමේදී සළකා බලන Z Score ක්‍රමය සමාලෝචනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම නව ක්‍රමය මේ 2019 වසරේ දෙසැම්බර් පැවැත්වෙන උසස්පෙළ විභාගයට අදාළ නොවන බවත් 2020 වසරේ පැවැත්වෙන උසස්පෙළ විභාගයේදී 2021 සරසවි ප්‍රවේශය සඳහා සළකා බලන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.