https://www.gossiplankanews.com/2019/09/16nov-presidential-election.html#more
මිළඟ ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනපතිවරණය ලබන නොවැම්බර් මස 16 වනදා පැවැත්වෙන බව
අද (18) රාත්‍රියේ නිකුත් 

කළ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් වුණි.
ජනාධිපතිවරණයට නාමයෝජනා භාර ගැනීම ඔක්තෝම්බර් මස 7 වනදා සිදුකරන බවද දන්වා ඇත.
මේ වනවිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඨාභය රාජපක්ෂත්, ජවිපෙය අනුර කුමාර දිසානායකත් ප්‍රධාන පක්ෂ වලින් ජනපති අපේක්ෂක ලෙස නම් කර තිබෙන අතර එජාපය තවම සිය අපේක්ෂකයා තීරණය කර නැත.
ශ්‍රීලනිපය අපේකෂකයෙකු ඉදිරිපත් කරන බව දන්වා ඇතත් තවම නම් කර නැත.
සුළු පක්ෂ හා සංවිදාන 16 ක් පමණ ඊට අමතරව සිය ජනපති අපේක්ෂකයින් නම් කර ඇත.
මෙවර ජනපතිවරණයෙන් සියයට 50 වැඩි ඡන්ද ලබාගන්නා පක්ෂයේ අපේක්ෂකයා නොවැම්බර් 17 වනදාම දිවුරුම් දෙන අතර වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පදනම ලබන 2020 මාර්තු දක්වා බල පැවැත්වේ. නව ජනපතිවරයෙකු බලයට පත්වන දිනය සැලකීමේදී වත්මන් ජනපතිගේ ධූර කාලය නියමිත කාලයට වඩා මාස 2 ක් අඩුවනු ඇත.