හදිසි නීතිය තවදුරටත් දිර්ඝ නොකරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා ඊයේ ප්‍රකාශ කළේය.

එය මීට පෙර
පනවනු ලැබුවේ ඉකුත් අප්‍රේල් 21 වනදා පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් පසුවයි.

අනතුරුව එය පසුගිය සෑම මාසයක් පාසාම තවදුරටත් දීර්ඝ කරනු ලැබුවේය.

කෙසේ වෙතත් හදිසි නීති රෙගුලාසි යටතේ යුද හමුදාවට හිමිව තිබූ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම ඇතුළු යම් යම් බලතල මේ අනුව තවදුරටත් වලංගු නොවනු ඇත.