අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්නට ගම්පහ
කිසිම විහාරස්ථානයකට

ඇතුළු කර නොගැනීමට ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩල විහාරාධිපති සංගමය තීන්දු කිරීමෙන් පසු මුදල් ඇමති මංගල සමරවීර මහතා ඒ සම්බන්ධයෙන් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

එම ට්ව්ටර් සටහන මෙසේය.

” බුදුන් වහන්සේ යනු තමන් ඝාතනය කරන්නට ආ දේවදත්තට පවා විහාරස්ථානය තහනම් නොකළ උත්තම පුරුෂයෙකි. ඒ උතුම් භාවිතාව තේරුම් නොගත් මෝඩ වහන්සේලා නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. ! “
'