https://www.gossiplankanews.com/2019/06/doctor-shafi-kurunegala.html#more
සුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති කරමින් මාධ්‍ය වාර්තා පළවූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂෙහබ්ඞීන්  සිදු කළ සිසේරියන් සැත්කම්වලදී තමන් වඳ භාවයට සහ විවිධ සංකූලතාවන්ට ලක්වූ බව කියමින් කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත පැමිණිලි කළ සිංහල මවුවරුන්ගේ සංඛ්‍යාව ඊයේ (17) එක් දහස් තුන (1003) දක්වා ඉහළ ගොස් ඇත.ඊයේ දින තෙක්  කුරුණෑගල රෝහල වෙත ලැබී තිබූ පැමිණිලි
සංඛ්‍යාව 827 කි. දඹුල්ල රෝහල වෙත මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 180 කි.
වෛද්‍ය ෂාෆි ෂෙහබ්දීන්ට එරෙහිව සිංහල මවුවරුන් විසින් මෙසේ පැමිණිලි ඉදිරිපත් කිරීම ආරම්භ කළේ ඉකුත් මැයි මස 26 වැනිදා සිටය.
මේ වනවිට සති 3 කට වැඩි කාලයක් ගතවීත් මේ සම්බන්ධ පරීක්ෂණ ගැන පැහැදිලි යාවත්කාලවීමක් වාර්තා නොවේ.

7000 කට 8000 කට වඳ සැත්කම් සිදු කළ බවට මුලින් වාර්තා පළවුවත් 2007-2013  කාලයේත් 2017 නැවත සේවයට සම්බන්ධවූ පසුව ෂාෆි මුස්ලිම් හා සිංහල මවුවරුන්ගේ සිසේරියන් සැත්කම් සඳහා සම්බන්ධවී ඇත්තේ

3900කට පමණක් බව ඊයේ දිනය වනවිට හඳුනාගෙන තිබුණි.
එම මව්වරුන් 3900 දෙනාගෙන් 690 දෙනෙකු මුස්ලිම් මව්වරුන් වූ අතර ඔහු මේ දක්වා සිසේරියන් සැත්කම් සඳහා සම්බන්ධවූ සිංහල මවුවරුන් ගණන 3310 කි.
ෂාෆි යනු ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු (වීඕජී) නොවූ අතර පරිවාර සහායක වෛද්‍යවරයෙකු පමණක් විය.සිසේරියන් සැත්කම් සිදු කරන සෑම අවස්ථාවකම එම ශල්‍යාගාරය භාර වීඕජී වෛද්‍යවරයෙකු සිට ඇත. ෂාෆි සේවය කර ඇත්තේ ඔහු හෝ ඇය යටතේය.

යම් ආකාරයකට සැත්කම අතර පැලෝපීය නාල අවහිරතාවයක් ඔප්පු වන්නේ නම් එහි වගකීමද පැවරෙනු ඇත්තේ අදාළ ප්‍රධාන වෛද්‍යවරයාට බව කියැවේ.
කෙසේ වෙතත් සැත්කම් සිදුවන අවස්ථාවන්වලට ප්‍රධාන වෛද්‍යවරුන් අනුයුක්ත කර තිබුණත් අවස්ථාව අනුව ප්‍රධාන වෛද්‍යවරයා නැතිවම සැත්කම සිදුවන බව ප්‍රසිද්ධ කාරනාවකි.

රජයේ රෝහල් වල මුස්ලිම් වෛද්‍යවරුන් මුස්ලිම් මව්වරුන්ගේ දරු පිළිසිඳ ගැනීම් වලට බොහෝවිට සම්බන්ධ වීම දක්නට ලැබෙන බවත් එසේ සිදුවන්නේ මුස්ලිම් අය වෙනුවෙන් එක්වන අයට එම ඥාතීන්ගෙන් සංතෝෂ දීමනා ලැබෙන නිසා බවත් පැවසේ. ෂාෆි මුල් කාලයේ සිට සිංහල ප්‍රධාන වෛද්‍යවරුන් යටතේ මුස්ලිම් මව්වරුන් වෙනුවෙන් සිය සහාය ලබාදීමට ඉදිරිපත්ව තිබූ අතර ඔහු අසාමාන්‍ය කෝටිපතියෙකුවූ පසුව එවැනි සිද්ධි වාර්තාවී නැත.

සැකකාර වෛද්‍ය ෂාෆි පැලෝපීය නාල කපා සැත්කම් සිදුකර ඇති බවට මෙතෙක් කිසිදු තහවුරු වීමක් සිදුවී නැත.
මේ සම්බන්ධයෙන් දහස් ගණන් පැමිණිලි ලැබී තිබුණත් ඒ සියල්ල සැකය පදනම් කරගෙන එල්ල කළ චෝදනාවීමත් විද්‍යාත්මක පදනමකින් තහවුරු කිරීමක් සිදු නොවීමත් තුළ ෂාෆි නොබෝ දිනකින්ම චෝදනාවලින් නිදහස් වන ස්වරූපයක් දක්නට ලැබේ. අනෙක් අතට වරදක් සිදුවී ඔප්පුවන්නේ නම් එම වරද ෂාෆිට පමණක් නොව ප්‍රධාන වෛද්‍යවරයාටද එල්ලවන පසුබිම තුළ මෙම චෝදනා සාධාරණයව විභාග වේදයන්නද සැකයට තුඩුදී ඇත.

මේ අතර වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නිවැරදි බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ 69 දෙනෙකු ප‍්‍රකාශ කර ඇති බවටද වාර්තාවක් පළව තිබේ.