https://www.gossiplankanews.com/2019/06/5-maithri-timber-ban.html#more
ස් කැපීම සඳහා පිටරටින් මැෂින් ගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කරන බවත් ලීමෝල් හා වඩු මඩු ද තහනමට ලක්කරන්නට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

ලී මෝල්

හිමියන්ට වෙනත් වෘත්තීන් සොයාගැනීමට වසර පහක පමණ කාලයක් ලබා දෙන බව ද සිරිසේන මහතා කියා සිටියේය.

ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි.

ලී බඩු නිෂ්පාදනයේ දී අවශ්‍ය වන ලී පිටරටින් ගෙන්වීමට පියවර ගන්නා බව කී ජනාධිපතිවරයා පරිසරය වෙනුවෙන් දැඩි නීති පනවා ඇති බොහෝ රටවල මේ නීති ක‍්‍රීයාත්මක වන්නේ යැයි ද කීය.

ලොව බොහෝ රටවල ලීමෝල් තහනම් බව සිහිපත් කළ ජනාධිපතිවරයා වන වගාව වැඩි කිරීමට නම් දැඩි තීරණ ගත යුතු බව සඳහන් කළේය.