කුඩා දරුවකුගේ පාසල් බෑගයක් තුළ සිටි නාගයෙකු ආරක්ෂිතව අල්ලා ඉවත් කිරීමේ පුවතක් තංගල්ල
ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
තංගල්ලේ ප්‍රසිද්ධ පාසලක තුන්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන කුඩා දරුවකුගේ පාසල් බෑගයක් තුළ සිටියදී පෙරේදා (10) නාගයකු හමුව තිබිණි.


අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ සිට තංගල්ලට පැමිණ තිබූ මෙම දරුවා පාසලේ විවේක කාලයේ දී ආහාර ගැනීමට බෑගය තුළට අත දැමූ පිට සර්පයකු අතට හසුවී ඇත.

මේ පිළිබඳව පන්තිබාර ගුරුතුමිය දැනුවත් කිරීමෙන් අනතුරුව පාසලේ රැඳී සිටි මවුපියන් කිහිපදෙනකු සමග පාසල් බෑගය පත්ති කාමරයෙන් පිටතට ගෙන බෑගය තුළ සිටි සර්පයා එළියට ගැනීමට ඔවුන් සමත්වී ඇත.

බෑගය තුළ සිටියේ නාගයකු බව මවුපියන් විසින් හඳුනාගෙන තිබූ අතර එම සත්වයා ආරක්ෂිත ලෙස පාසල් භූමියෙන් ඉවත් කිරිමට ඔවුහු කටයුතු කළහ.