ෆේස්බුක්, වට්ස් ඇප්, වයිබර්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාලා මුළුමණින් රටටම තහනම් කිරීමට රජය කිසිසේත් කටයුතු නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයේදී සඳහන් කළේය.

කිසියම් සිද්ධියක් මතුවුවහොත්
අදාළ බල ප්‍රදේශයට පමණක් බලපැවැත්වෙන පරිදි සමාජ මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීමට රජය තීරණය කළද මුළු රටේම සමාජ මාධ්‍ය අවහිර කිරීමට තීරණය නොකළ බව ද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ අරලියගහ මන්දිරයේදි පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමතිවරුන් මතු කළ කරුණු හමුවේය.

මුළු රටට බලපාන ලෙස සමාජ මාධ්‍ය අවහිර කළද විකල්ප මාර්ග ඔස්සේ සමාජ මාධ්‍ය වෙත සම්බන්ධ වන සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි තමන්ට ද වාර්තා වූ බව අගමැතිවරයා ඇමති මණ්ඩලයට දැනුම් දුන්නේය.

(අංජුල මහික වීරරත්න)