අද පාර්ලිමේන්තුවේදී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කළ කතාවෙන් කොටසක් මෙසේය.

මුලදී ලැබෙන වේගවත් ප්‍රතිඵල ඉදිරියට ලැබෙන එකක් නෑ. ජනපති නම් කියන හැටියට මේක ඉවර කරලා ඉවරයි.

මෙවැනි ප්‍රශ්නයකට
අවුරුදු දෙකක විතර අඩි තාලමක් දන්න ඕන. මේ විෂබීජ එන එක නවත්වන්න ඕන. මේ ආරක්ෂක අංශවල ඉන්න බලධාරීන් මේක තේරුම්ගත්තොත් හොඳියි.

දැන් කියනවා සාමාන්‍ය ලෙස හැසිරෙන්න කියලා. නාවල ඇතුළු පස් තැනක 13දා උදේ නමයේ ඉදලා බෝම්බ පුපුරණවා කියනවා. මෙහෙම තියෙද්දී කියනවා සාමාන්‍ය ලෙස ජීවත් වෙන්න කියලා.

මේ ගැන වගකීම් රහිතව කථා කිරිම වැරදියි. මේ ගන බරපතල ලෙස අවධානය යොමුකරන්න ඕන. ඊයේ අපි අහපු ජනපතිගේ සුන්දර කථාවට අවධානය යොමුකරන්න ඕන. ඒකට අපිට එකඟ වෙන්න බෑ. ලිපියක් දැක්කා කිව්වා. එතුමා කරපු පළමු දේ කිව්වේ පරීක්ෂණ කමිටුවක් පත්කළා කිව්වා.

කිකිළී බිත්තර දාලා කොක් කොක් ගානවා එතකොට කියනවා පරීක්ෂණ මණ්ඩලයක් පත්කළා කියලා. අරක්ෂක අංශවලට උපදෙස් දුන්නා අගමැති මුණ ගැහෙන්න එපා කියලා.