මස්කෙළිය, සාමිමලේ ඕල්ටන් තේ වතුයායේ, පහළ කොටසේ ආණ්ඩි පිල්ලෙයාර් නැමති හින්දු කෝවිල කඩා
එහි රුපියල් 8000/- ක් පමණ වටිනා  රත්‍රන් තාලි දෙකක් හා පඬුරු මුදල් රුපියල් 4000/- ක් සොරා ගැනීමේ චෝදනාව යටතේ මස්කෙළිය පොලිසිය මගින් සැක පිට අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙක්
ඊයේ (05) දා හැටන් අධිකරණයේ, දිසා විනිසුරු හා  මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස (10) වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
මෙසේ රක්ෂිත භාරයට පමුණුවනු ලැබුවේ, මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ, උඩ කොටසේ පදිංචි ආරුමුගම් පොන්නදොරේ නැමති (42) හැවිරිදි පුද්ගලයෙකි.
මෙම සැකකරු පසු ගියා කාලයේ ප්‍රදේශයේ තවත් හින්දු කෝවිල් කීපයක් කඩා රන් ආබරණ හා මුදල් සොරා ගැනිම් සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බව වැඩි දුර පරික්ෂණ පවත්වන මස්කෙළිය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතා පැවසීය.
මස්කෙළිය පොලිස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත පොලස් සැරයන් සමන්ත (40552) මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබුණි. 

(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)