https://www.gossiplankanews.com/2018/10/asp-liyanage-daughter-geethmi-wedding.html#more
සුගිය කාලයේ විවිධ ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති නිර්මාණය කළ කටාර් ශ්‍රී ලංකා තානාපති ඒඑස්පී ලියනගේ මහතාගේ බාල දියණියගේ විවාහ මංගල උත්සවය අද දින පැවැත්වීමට නියමිතය. ජනපති අගමැතිගේ සහභාගීත්වයෙන්
හිල්ටන් හෝටලයේ පවත්වන්නට සූදානම් කර තිබෙන එම විවාහයට ප්‍රචාරයක් වශයෙන් අද දින ජාතික පුවත්පත්වල සම්පූර්ණ පිටුවක් පුරා මනාලිය ජනපතිට දණගසා වැඳ ආශිර්වාද ලබාගන්නා අමුතු දැන්වීමක් පළ කර තිබේ.
ඒඑස්පී ලියනගේ මහතාගේ වැඩිමල් දියණිය කසුනි ටී එන් එල් පැදුරු සාජ්ජය වැඩසටහනේ නිවේදිකාවක

ලෙස එක්වූ අතර 2017 විවාහවූ ඇය ඔහුගේ පක්ෂයේ සභාපතිනියයි. අද විවාහ වන්නේ ඒඑස්පීගේ දෙවන දියණිය වන ගීත්මීය. ගීත්මී ඒඑස්පීගේ පක්ෂයේ උප සභාපතිනිය බව දන්වා ඇත.
හිටපු ජනපති මහින්දගේ ප්‍රබල සමීපතමයෙකුව සිට නයිජීරියානු තානාපති ධූරය දැරූ ඒඑස්පී ලියනගේ පරාජයෙන් පසුවද මහින්ද අත්නොහැර මහින්දට පීකොක් මන්දිරය තෑගි වශයෙන් ලබාදෙන්නට කටයුතු කරමින් සිට ඒ සම්බන්ධ එෆිසීඅයිඩී පරීක්ෂණ පැවැත්වෙන කාලයේ මෛත්‍රී දෙසට හැරුණේය. පසුව කටාර් තානාපති ධූරයද ලබාගත්තේය. ඔහු පක්ෂ මාරු කරන අවස්ථාවේත් පුවත්පත්වල අමුතු දැන්වීම් පළ කළ අතර ඇමරිකාවේ ජනපතිවරුන් දිවුරුම් දෙන අවස්ථාවල ඔවුනට සුබපතා ලංකාවේ පුවත්පත් දැන්වීම් පළ කිරීමද ඒඑස්පී ලියනගේ පුරුද්දක් වශයෙන් කරන්නෙකි.
ඔහු තමාව හඳුන්වාගෙන සිටින්නේ 'සිනමාවෙන් කවුළුව රූපවාහිනියෙන් හිමි අහිමි වේදිකාවෙන් ඔතෙලෝ ගෙනා ප්‍රකට ඉඩම් ව්‍යාපාරික ඒඑස්පී ලියනගේ' හැටියටය.