https://www.gossiplankanews.com/2018/10/1000-fb-tamil-in-middle-country.html#more
තිහාසයේ ප්‍රථමවරට මෙරට වතු කම්කරු ජනතාව අති විශාල පිරිසක් සිය දෛනික වැටුප වැඩි කරන ලෙස ඉල්ලා ඊයේ (24) කොළඹ වටලනු ලැබීය.  සමාජ ජාල වෙබ් අඩවි හරහා දැනුවත් වී ඔවුන් මෙසේ පැමිණි බව උද්ඝෝෂණයේ කැඳවුම්කරු ප්‍රකාශ කළේය. තමගේ වියදමින්
කොළඹට පැමිණි කඳුකරයේ දලු

කඩන මෙම ජනතාව කිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය නොකිරීමද විශේෂත්වයකි.  තමන්ගේ දෛනික වැටුප රුපියල් 1,000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වූ වතු කම්කරුවන් පිරිස

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් විරෝධතා පාගමන ආරම්භ කර කොළඹ ලෝටස් පාර දක්වා පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලයට සන්දේශයක් භාරදීමට පැමිණියද ඊට කිසිදු විසඳුමක් ලබා නොදී එම සන්දේශය භාරදීමට ඉදිරීයේ දිනයක් ලබාදෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දුන් පොරොන්දුව මත  වතු කමිකරු ජනතාව විසිර ගොස් ගොස් පිටියට රැස්වූ අතර පොලිසිය පසුව ඔවුන් විසිරුවා හැරීයේය.

දැනට මූලික වැටුප රුපියල් 530ක් බව සඳහන් කරන එම වතු කම්කරුවන් පිරිස සමාජ ජාල වෙබ් අඩවි හරහා දැනුවත් කළ වෙබ් මාධ්‍යවේදී හරේන්ද්‍රන් මෙසේ පැවැසීය.
මේ කිසිම කෙනෙක්  අපි පෞද්ගලිකව දන්නේ නැහැ. නමුත් වතු කම්කරු ජනතාවට වැටුප පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒත් කිසිදු රජයක් රුපියල් 1,000 දක්වා දෛනික වැටුප වැඩි කරන්න උත්සාහ කරන්නේ නැහැ. මේ ජනතාව අරන් ඇවිත් තියෙන වතුර බෝතලේ ඉඳලා සියලුම දේවල් ගෙනැවිත් තියෙන්නේ ඔවුන්ට ලැබෙන රුපියල් 530ක දෛනික වැටුපෙන්.
 අපි මේ දේ සංවිධානය කළේ සමාජ ජාල වෙබ් අඩවි හරහා දහ දෙනෙක් එකතු වෙලා. නමුත් මේ වන විට මේකට දේශපාලනය ඇතුළු වෙමින් තිබෙනවා. නමුත් මට කිසි දේශපාලනයක් නැහැ. මම පෙනී සිටින්නේ වැඩ කරන වතු කම්කරු ජනතාව වෙනුවෙන්"