https://www.gossiplankanews.com/2018/09/panagoda-accident.html#more
හෝමාගම පනාගොඩ ලේලන්ඩ් හන්දිය නමින් හඳුන්වන ස්ථානය ආසන්නයේ දී  ඊයේ උදෑසන සිදුවු රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවෙකු මිය ගොස් තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ යතුරු පැදිකරු තමාගේ නිවස ඉදිරිපිට
යතුරු පැදිය නවතාගෙන පුතා එනතුරු බලා සිටියේ පාසල් ඇරලවීම සඳහාය. පෙර දිනයේ වැසි නිසා ලිස්සනසුලුවූ වංගු මාර්ගයේ එහාට මෙහාට වැනෙමින් පැමිණි බට්ටා රථයකට වේගය පාලනය කරගන්නට බැරිව යතුරු පැදියේ හැපෙන අතර ඔහු එක්වරම විසිවී යයි. එම අවස්ථාවේ මාර්ගයේ අයිනේ වැටෙන යතුරුපැදිකරුත් යටකරගෙන පසුකර යන බට්ටා ඉදිරියේ නවතාගනී.

පසුව රියදුරු ඉන් බැස පාරේ එන කාර් එකක් නතරකරගන්නා අතර ප්‍රදේශ වාසීන්ගේ සහායද ඇතිව

අනතුරට පත් පුද්ගලයා එම වාහනයට නංවා රෝහලට පිටත් කරනු ලබයි. ඉන් පසුව බට්ටා පැදවූ රියදුරුට අනතුරට පත් අයගේ අසල්වාසීන් පහර දෙනු ලබයි.
රෝහලට ගෙන ගිය යතුරුපැදිකරු පසුව මිය ගිය බව වාර්තා විය.

උදෑසන 6.40 පමණ සිදුවූ මෙම අනතුර යතුරුපැදිකරුගේම නිවසේ සවි කර තිබූ සී.සී.ටීවි කැමරාවෙහි සනිටුහන් වී තිබීම දෛවෝපගතය.
මෙසේ මිය ගොස් ඇත්තේ හෝමාගම පනාගොඩ, ලේලන්ඩ් හන්දිය ප්‍රදේශයේ පදිංචි කනත්තගේ ප්‍රියන්ත ජයසිරි නැමති 46 හැවිරිදි එක් දරු පියෙකු වන අතර, ඔහු ඒ ආසන්නයේම පෞද්ගලික ආයතනයක සේවය කරන්නෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු ලෙස සිටි පුද්ගලයා මේ වන විට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
සිද්ධියේ සීසීටීවී දර්ශන පහතින්