කඳුල නිවන්නම් , සුන්දර හදකට දී පෙම්වරම් ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනය කරන ගායිකා ප්‍රියානි ජයසිංහ පවුලේ ආරවුලක් හේතුවෙන් අද (8) සන්ධ්‍යා කාලයේ නිවසේදී ඝාතනයට ලක්වූ බව වාර්තාවේ.
සිය පානදුර අළුබෝමුල්ල නිවසේදි මෙම ඝාතනය සිදු කර ඇත්තේ සැමියා බව

පොලිසිය සැකකරයි.නිවසේ භාවිතයට ගන්නා කතුරකින් පහරදී මෙම ඝාතනය සිදු කර තිබේ.
පොලිසීය පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රසික ඊඩන් ප්‍රභාත් නමැති ඇයගේ සැමියා අත්අඩංගුවට ගන්නට සොයන නමුත් ඔහු පළාගොස් ඇති බවය.

මියයනවිට 51 හැවිරිදි වියේ පසුවූ ප්‍රියානි දෙදරු මවක වූ අතර වැඩිමල් පුතු ඇගේ අඩිපාරේ යමින් ඇය සමග ප්‍රසංග ගායනයට අවතීර්ණවූ ගායකයෙකි.
රාත්‍රී 8.45 ට පමණ ඇයට අනතුරක් සිදුව ඇති බවට 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරු ඔස්සේ ඇගේ නිවස සොයාගිය පොලිසියට දරුණු ලෙස පහරදී තිබුණ සිරුර හමුවිය.
ඇය පානදුර මූලික රෝහලට ඇතුළු කරන විටත් මියගොස් තිබුණි.