https://www.gossiplankanews.com/2018/07/priyani-jayasinghe-murder-update1.html#more
යේ රාත්‍රියේ අනපේක්ෂිත ලෙස සමුගත් ගායන ශිල්පිණී ප්‍රියානි ජයසිංහ මහත්මිය එලෙස ඝාතනයවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසියට මේ වනවිට වැඩිදුර විස්තර ගණනාවක්ම වාර්තාවී තිබේ.
ප්‍රියානි ජයසිංහ මහත්මිය ගායිකාවක ලෙස නමක් දිනාගෙන විවිධ කලා කටයුතුවලට සම්බන්ධව සිටියත් ඇගේ සැමියා
ගෙන් විශේෂ සහයෝගයක් ඇයට ලැබී නැත. කාලයක් තිස්සේම ඇයත් සැමියාත් අතර විරසකකම් තිබී ඇති අතර ඇය සැමියාගේ බාධක ගණනට නොගෙන තම දරුවන් බලාකියාගෙන කාලය ගතකර තිබේ. ඇයට සැමියාගේ පහරදීම් ඉතා සාමාන්‍ය වන තරමට නිවසේ ආරවුල් පැවති බව මේ වනවිට ලැබෙන ආරංචි අනුව පැවසේ.


ඔහු අවස්ථා ගණනාවකදීම පහරදීම් සිදුකර තිබෙන අතර ඇය මේ ගැන කියන්නට පොලිසියටද ගොස් ඇති වාර ගණනාවකි.
බොහෝ අවස්ථාවල සුළු පැමිණිලි අංශය මගින් ඔවුන් සාමදාන කර නිවසට යවා ඇති බව වාර්තා විය.
මේ අතර මීට වසරකට පමණ ඉහත ඇයට ඉවසන්නට බැරි තරම් ප්‍රශ්නයක් පැනනැගී ප්‍රියානි ජයසිංහ සිය සැමියා පිළිබඳව පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව ඔහුට වසරක කාලයක් නිවසට පැමිණීම තහනම් කර තිබී ඇත.

ඒ කාලයේ නීතිය අනුවම ඔහු පැමිණ නැති අතර එම තහනමද මීට මාස කිහිපයකට පෙර අවසන් වීමෙන් පසු ඔහු නිවසට පැමිණියත් පෙර විරසකකම් නතරවී නැත.නොනවතින පීඩාව නිසා ඇය මහත්සේ කළකිරී ඇත.
මෙම ගැටලුවලට විසඳුමක් නැතිව සිත සන්සුන් කරගැනීමේ අටියෙන් ප්‍රියානි පසුගිය සතියේ  දින තුනක කාලයක් ආරාමයක ගොස් භාවනා කරමින් සිට ඇති අතර එම කටයුත්ත ඇය මින් ඉහතත් පුරුද්දක් ලෙස කර ඇත


කෙසේ නමුත් ඊයේ 8  ඇය ආරාමයට ගොස් නැවත නිවසට පැමිණි දිනයේත් සැමියා ඇය සමග පැටලී ඇත. ඇයට බැණ වදිමින් රණ්ඩු කර ඇත.
මරණ සිද්ධිය සම්බන්ධ‍යෙන් ඇගේ පුතු මෙසේ පවසා තිබේ.‍

"රෑ හතට හතහාමාරට විතර අනේ හෂි මාව බේරා ගන්න කියලා අම්මා කෑ ගහනවා මට ඇහුණා. මම
දුවගෙන කාමරයට ගියා. යද්දී කවුරුත් හිටියේ නැහැ. කතුරක් බිම වැටිලා තිබුණා..අම්මාගේ ඇගේ
තුවාල තිබුණා.. මට තේරුම් ගියේ තාත්තා අම්මට පහරදීපු බව.. මම යද්දී අම්මා හුස්ම අදිනවා, ඉක්මනට පොලිසියට දැන්නුවා ඉක්මණට රෝහලටත් අරගෙන ගියා ඒත් යද්දී අම්මා නැති වුණා.."

බිරිය මරාදැමීමෙන් පසු නිවසින් පළාගිය රසික ඊඩන් ප්‍රභාත් නමැති ඇගේ සැමියා අද උදෑසන පොලිසියට කොටුවිය. පානදුර දුම්රිය ස්ථානය අසලදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හා වැඩිදුර විභාග සිදු කිරීමට නියමිතව තිබේ.
 පොලිසිය පරීක්ෂණ පවත්වයි.