මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඔහු රඳවා සිටින අනුරාධපුර බන්ධනාගාරය තුළ උපවාසයක් ආරම්භ කොට ඇති බව වාර්තා වෙයි.

ඊයේ (11) දවල් සිට

ඔහු මෙලෙස උපවාසයක් ආරම්භ කොට ඇත්තේ තමන්ට ඇප ලබා දෙන ලෙසට බල කරමිනි.

පසුගිය මාර්තු මාසයේ මහනුවර සහ තෙල්දෙණිය යන ප්‍රදේශවල දෙපිරිසක් අතර ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටී.

මේ අනුව දැනට මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින තමන්ට ඇප ලබා දෙන ලෙසට බල කර සිටිමින් ඊයේ දවල් 12.00 සිට නිරාහාරව සිටිමින් ඔහු මෙම උපවාසය ආරම්භ කොට ඇති බව අනුරාධපුර බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා ඇත.