නුරාධපුර දීපානි මහා විද්‍යාලය ඉදිරිපිටදී ව්‍යාපාරිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය පෙරේදා වාර්තාවූ කම්පිත සිදුවීමකි. කුලී පදනම මත වාහන සපයන 45 හැවිරිදි සූජීව හෙට්ටිආරච්චි නමැති ගරාජ හිමියකු පෙරේදා (05) සවස 3.30 ට පමණ සන්නද්ධ කණ්ඩායමක් විසින් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබුණි.
ඝාතනයට ලක් වූ අය කාර් රෙන්ටල් සර්විස් එකක් හා ගරාජයක් හිමි
අයෙකු වූ අතර අනුරාධපුර, විජයපුර, ගම්සභාව අසල රාහුල මාවතේ පදිංචිව සිටි තිදරු පියකු විය.
ඔහුගේ නිවෙස වෙත මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු සිද්ධිය වාර්තාවූ දිපානි විද්‍යාලය ඉදිරීපිට තමන්ගේ මෝටර් රථය ක්‍රියා විරහිත වී තිබෙන බැවින් එය සාදා දෙන ලෙස ඉල්ලීමක් කර තිබ‍ෙන අතර එවැනි වැඩ සඳහා ඔහු රාජකාරි කරන නිසා වාහනය පරීක්ෂා කිරීමට ගොස් තිබේ.

කෙසේ වෙතත් එය ඔහු එළියට ගැනීමට උපක්‍රමයක් වූ බව ඔහු දැන සිට නැත. ඔහු විද්‍යාලය ඉදිරීපිටට පැමිණෙනවාත් සමගම එතැන රැක සිටි සන්නද්ධ කණ්ඩායමක් ඔහුට තියුණු ආයුධවලින් පහර දී

බරපතළ තුවාල සිදුකොට පලාගොස් තිබෙන අතර බරපතල තුවාල ලබා වැටී සිටි ඔහුව අවට සිටයවුන් අනුරාධපුර රෝහල කරා රැගෙන යන අතරතුර ඔහු මරණයට පත් වී තිබෙයි.
මේ අව්අස්සේ ගරාජ් හිමියා එතැනට කැඳවාගෙන ආ පුද්ගලයා ද පලාගොස් තිබීමෙන් ඔහුද එම කණ්ඩායමේ අයකු වියහැකි බවට පොලිසියට සැක පහළවී ඇත.

මෙම ඝාතනය ගැන සිදු කරන විමර්ශනයේදී හෙළිවී ඇත්තේ කලෙක සිටම පවතින පවුලේ ආරවුලක් මත මෙම ඝාතන සිදු කර ඇති අයුරු හා මෙම පවුලට වරින්වර මරණීය තර්ජන එල්ල කළ විජයපුර ප්‍රදේශයේම පදිංචි නමගිය අපරාධකරුවකුගේ සහචරයින් පිරිසක් මෙම අපරාධය කරන්නට ඇති බවයි.
 ගරාජ හිමියා සහ එම පුද්ගලයා අතර  කලක සිට ආරවුල් කිහිපයක්ම සිදුව තිබෙන බව මූලික පොලිස් පරීක්‍ෂණවලදී අනාරණය වී තිබේ.

සිද්ධියෙන් මියගිය 45 හැවිරිදි සුජීව හෙට්ටිආරච්චිට දරුවන් තිදෙනෙකි. ඒ දියණියන් දෙදෙනෙකු හා පුතෙකු ලෙසිනි.මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා මගින් ඉස්මතු කර දක්වා තිබුනේ මෙයට කලකට පෙර සිය වැඩිමල් දියණියට අතවර කිරීමට උත්සහ කළ පුද්ගලයෙකුට පහර දීම නිසා එයට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදු කර ඇති බවයි.
නමුත් මෙම ඝාතකයා සහ සුජීව අතර ආරවුල් ගණනාවක් වරින්වර පැවතී තිබී ඇති අතර එම ආරවුලක් අතරතුර වරක් මංගල උත්සවයකදී සුජීවගේ දියණියගේ ඇදුම් ප්‍රසිද්ධියේ ඉරාදමා ඇයට ලජ්ජා කර තිබීම එක් සිද්ධියක් පමණකි. එය අතවර තැතක් ලෙස පොලිසියේ සටහන්ව නැති අතර

ඝාතන සිද්ධියෙන් පසුව හෝ එම දියණිය විසින් හෝ මාධ්‍ය වෙත පවසා නැත.

"මම වෙඩින් එකේ නට නට ඉද්දි මල්ලිට ගහලා..මම එතනට යද්දී මගේ ඇඳුම් ඔක්කොම ගලවලා දැම්ම
ඒගොල්ලෝ එකතුවෙලා..අපේ තාත්තා "ඇයි මගේ දුවගේ ඇඳුම් ගැලෙව්වේ කියල අහද්දී තාත්තටත් ගහලා
දැම්මා...ඊට පස්සේ පණිවිඩ එවනවා මටයි අක්කටයි ඇසිඩ් ගහනවයි කියලාත්..."
මීට මාස 10කට පමණ ඉහත විවාහ මංගල්‍ය උත්සවයකදී මෙම ආරවුල ඇතිවී තිබෙන්නේ සුජීවගේ පුතණුවන් සහ මේ කියන අපරාධකරු අතරයි.
සුජීව එදින ඔහුට පහරදීමෙන් පසු ඔහු පරාජයට පත්ව පළාගොස් තිබෙන අතර පලිගැනීමේ අටියෙන් වරින්වර ආරවුල් ඇතිකරගෙන තිබේ. සුජීවගේ බෙල්ල කපා දමන බවට අත කපා දමන බවට වරින්වර තර්ජනද එල්ල කර ඇති අතර දියණියන් දෙදෙනාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකරන බවටද තර්ජනය කොට තිබුණි. මෙම තර්ජන ගැන පොලිසියට පැමිණිලි කරන්නට සුජීව හා බිරිය ගොස් තිබුණද ඒවාට ක්‍රියාත්මක වූයේ නැති බව සුජීවගේ බිරිය දැන් පවසන්නීය.
‘මරණ තර්ජන තිබ්බ මාස 10 ම..හරියටම ඇත කපනවා..බෙල්ල වෙන් කරනවා කිව්වා...ඒ විදියටම කළා...බඩවැල් ඇදලා තිබ්බා..මම ඇස් දෙකට දැක්කා... චමින්ද, උදාර, සාගර, සමීර රොෂාන් , නාලක, කුමාරසිංහ අප්පුහාමි, මේ අය ඔක්කොම මගේ මහත්තයාව කෑලි වෙන්න කැපුවා...."
 සැකකාර අපරාධකරු සොයන්නට පොලිසිය ගියත් ඔහු  ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බව වාර්තා විය. අද (7) සවස වනවිටත් මේ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගන්නට පොලිසියට හැකිව නැත.
සිද්ධිය පිළිබද පරීක්ෂණ තවදුරටත් සිදුවේ.