‘රනිලුත් සාමාන්‍ය මනුස්සයෙක්නේ..‘
සිනමා නිළි අයිරාංගනීගෙන්
රනිල්ගේ නැටුම ගැන ප්‍රකාශයක්


පසුගිය දිනවල අන්තර්ජාලයේ ප්‍රකට වූ අගමැති රනිල්ගේ නැටුම් අංගය සම්බන්ධයෙන් සිනමා නිළි අයිරාංගනී සේරසිංහ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ගල්කිස්ස ප්‍රදේශයේ ඥාති මංගල උත්සවයකදී රනිල්ට නෑකමින් නැන්දා වන අයිරාංගනී වටා අත් නටවමින්
කැරකෙමින්

රනිල් සිදු කළ නැටුම ගැන විවිධ අදහස් පළවූ අතර මෙය ප්‍රධාන මාධ්‍ය වලටද දේශපාලන කාටූන් වලටද විෂය විය.
බීබීසී සේවයට අදහස් දක්වමින් සිනමා නිළි අයිරාංගනී මෙසේ කියා සිටියාය.
‘මං එයාව අඳුනන්නේ ඇත්ත වශයෙන් මට එයාව පේන්නේ අගමැති කෙනෙක් හැටියට නෙමෙයි. මගේ නෑදෑ කෙනෙක් හැටියට.එයා ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් හිනාවෙන්නත් පුළුවන් අඩන්නත් පුළුවන්‘

ලිපියට අදාළ රනිල්ගේ නැටුමේ වීඩියෝව මෙතැනින්