ඉදිරි දිනවල උදෑසන සහ රාත්‍රී කාලයේදි දිවයිනේ බොහෝ පළාත්වල ශීත කාලගුණ තත්ත්වයත් අපේක්‍ෂා
කරන බව කාලගුණ විද්‍යා

දෙපාර්තමේන්තුව පවසයි. හිමිදිරි පාන්දර දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම්
ස්ථානයන්හි මල් තුහින ඇතිවනු හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත වියළි කාලගුණ තත්ත්වයක් පවතින ඇතැම් ප්‍රදේශයන්හි උදය කාලයේ මිහිදුම් තත්ත්වයක් බලාපොරොත්තු පිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
උතුරු, වයඹ පහ ඌව පළාත්වලත්, හම්බන්තොට, අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40ක පමණ තරමක් සැඩ සුළං බලාපොරොත්තුවිය හැකි බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.