http://www.gossiplankanews.com/2017/05/wellawatte-building-hatton-youth-missing.html

4pm - update
වැල්ලවත්ත ගොඩනැගිලි සුන් බුන් අතරින් තරුණයාගේ මළ සිරුර හමුවේ

පසුගියදා වැල්ලවත්ත සැවොයි සිනමා අසල කඩා වැටුන‘එක්සලන්සි‘  බිල්ඩිමේ සිරවී සිට අතුරුදන්වූවන් සොයාගැනීමේ මෙහෙයුම
අද දහවල් සිදුකරන අතරවාරයේ මියගිය තරුණයෙකුගේ මළ සිරුර සොයාගත් බව පොලිසිය වාර්තා කළා. මියගොස් ඇති තරුණයා 20 හැවිරිදි වියේ පසුවූ
හැටන් ප්‍රදේශයේ තරුණයාගේ බවට විශ්වාස කෙරේ.
මෙම සිදුවීම නිසා මේ වනවිට 2 නෙකු මියගිය බව තහවුරුවී ඇති අතර තවත් දෙදෙනෙකු තවම අතුරුදන්ය.

 --------------------------------------------
2pm - update
වැල්ලවත්තේ කඩා වැටුන බිල්ඩිමේ සිරවී සිටින තරුණයා බේරාදෙන්නැයි හැටන්හි උද්ඝෝෂණ

පසුගියදා වැල්ලවත්ත “සැවෝයි” සිනමා අසල පිහිටි ‘එක්සලන්සි‘ ගොඩනැගිල්ල හදිසියේ කඩා වැටුණු සිද්ධියෙන් පසු තවමත් අතුරුදන්ව සිටින එහි ඉදිකිරීම් සේවය කරමින් සිටි බව කියන හැටන්, පතන, ග්‍රේග්ලි තේ වතුයායේ පදිංචිව සිටි තරුණයකු බේරා දෙන ලෙස බලකරමින් අද (20) පෙරවරු 08.30 ට පමණ එම තරුණයාගේ මව හා ග්‍රේග්ලි වතුයායේ කම්කරුවන්
උද්ඝෝෂණයක නිරතවී සිටිනවා.

එම වත්තේ තේ දළු එක්රැස් කරන ස්ථානයේදී උද්ඝෝෂණයක නිරත වූ ඔවුන් පවසන්නේ රාමන් නිරෝෂන් නැමති විසි හැවිරිදි තරුණයා ගොඩනැගිල්ලේ තවමත් සිරවී සිටින බවකි.

වාර්තාවන ආකාරයට මෙම කඩාවැටුණ ගොඩනැගිල්ලේ අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු ඊයේ (19)රාත්‍රී කාලයේත් සිදුවූ අතර එම ස්ථානය  අවට ආරක්ෂාව හා වාහන හැසිරවීම පාලනය කර තවමත් පිරිස් සෙවීමේ කටයුතු සිදුවේ. ඥාතීන් හිතවතුන් අතුරුදන් අය පැමිණෙනතුරු වටවී බලාසිටී.

ඡායාරූප -මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
















Load more news >>

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna