ප්‍රංශයේ බටහිර දිග පිහිටි තොයිරි සත්වෝද්‍යානයේ වාසය කළ දුර්ලභ සුදු රයිනෝසිරස් සතකු මරා උගේ අඟ කපාගෙන යාමේ සොරකමක් ඊයේ වාර්තා විය.
වයස අවුරුදු 4 ක්
වන වින්ස් නමැති රයිනොි්සිරස් මේ ආකාරයට මරා දමා තිබේ. රාත්‍රී කාලයේ පැමිණි සොරුන් පිරිසක් මෙම අපරාධය සිදු කර ඇත.
මේ ආකාර සිදුවීම් මතක ඇති කාලයක ප්‍රංශයේ සිදුව නැතැයිද සිද්ධිය නිසා කම්පනයටත් පුදුමයටත් පත්වූ බවද සත්වෝද්‍යාන භාරකරු මාධ්‍ය වෙත දන්වා ඇත.
රයිනෝ අඟ වෙළෙඳපොලේ අධික මිල වස්තුවක් ලෙස සැලකෙන අතර 2015 දී රයිනෝ අඟක් ඩොලර් 54000 ක් වැනි මිලකට (රුපියල් මිලියන 8) අලෙවි වී ඇත.