වරාය නගර ගිවිසුම චීනය අහෝසි කරයි
අලුතින් මූල්‍ය නගර ගිවිසුමක් ගහයි


පසුගියදා අගමැති රනිල් වික‍්‍රමසිංහ චීනයේ කළ සංචාරය අතරතුර ඇතිකරගත් අවබෝධතාවයන් අනුව මහින්ද රජය යටතේ ගිවිසුම් ගතවූ ‘කොළඹ වරාය නගරය’ ගිවිසුම මුළුමණින් අහෝසි කර ඒ වෙනුවට මූල්‍ය නගර ගිවිසුමක් අත්සන් කර ඇත.
ඒ අනුව චෙන්නයි සිට ඩුබායි අතර
විශාලතම මූල්‍ය නගරය කොළඹ ඉදිකරන්නට යෝජිතය.

මෙම ගිවිසුම අනුව චීන ආධාර යටතේ හම්බන්තොට කාර්මික නගරයක් ලෙස වැඩි දියුණු කරන්නට අපේක්ෂා කරන අතර මහනුවර හම්බන්තොට කොළඹ නගර තුන ත‍්‍රිකෝණයක් ලෙස යාකර ඇතිවන කලාපය ආර්ථික හා සංචාරක කොරිඩෝව ලෙස නම් කර එහි සංචාරක හා ආර්ථික කටයුතු වර්ධනය කිරීමේ ඉදිකිරීම් සිදුකරනු ඇත.
චීන බලධාරීන් දන්වා ඇත්තේ චීනය ආසියා පැසිපික් කලාපය තුළ විශාලතම ආයෝජනය ලංකාව වෙනුවෙන් සිදු කරන්නට මේ අනුව කටයුතු කර ඇති බවකි.