ඉන්දියාවේ ගුජරාටි ප‍්‍රාන්තයේ නිවාස ප‍්‍රවාහන හා සෞඛ්‍ය ඇමති වන ශන්කර් චෞද්‍රි පසුගියදා දීසා පෙදෙසේ පාසලක කළ සංචාරයක් අතරතුර සිසුදරුවන්ට පාඩමක් කියාදෙන්නට ගොස් අකුරු
වරද්දාගෙන ඇත. ඔහුට වැරදී ඇත්තේ අලියා හඳුන්වන එලිෆන්ට් යන වචනය ඉංග‍්‍රීසියෙන් ලියද්දී ‘ඒ’ අකුර යෙදිය යුතු තැන


‘ඊ’ යෙදීමෙනි.
 එම්බීඒ උපාධිධාරියෙකු ප‍්‍රකට ඔහු මේ ආකාරයට ප‍්‍රසිද්ධියේ අකුරු වරද්දාගැනීම හාස්‍යයට ලක්කරමින් ඉන්දියානු සමාජ මාධ්‍ය අදාළ වීඩියෝව ප‍්‍රසිද්ධ කර තිබුණි.
කෙසේ වෙතත් 45 හැවිරිදි ශන්කර් විවිධ චෝදනා නිසා අපහාසයට පත්ව සිටින අයෙකු වන අතරම ඔහුගේ උපාධිය හොර එකක් බවට නඩුවක්ද තිබේ.