අද (7) බංගලිදේශයේ කිෂොරොගාන්ජ් ප‍්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක් අසළ

සිදුකළ ප‍්‍රහාරයකින් බංගිලිදේශ පොලිස් නිලධාරියෙකු සහ තවත් පුද්ගලයෙකු මරණයට පත්වූ බව එරට පුවත් සේවා වාර්තා කරනවා.ලක්ෂ 3 කට ආසන්න පිරිසක් සහභාගීවූ රාමසාන් පුජාවකට ආරක්ෂාව සැපයූ නිලධාරීන් ඉලක්ක කර මෙම ප‍්‍රහාරය දියත්ව ඇත. ප‍්‍රහාරකයින් තැබූ වෙඩි පහර නිසා තවත් පොලිස් නිලධාරීන් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තාවේ.
මෙයින් මියගිය ගණන 4 ක් ලෙස ඉන්දීය පුවත්සේවා වාර්තා කර ඇත.

බංගලිදේශයේ මීට ටික දිනකට පෙර අවන්හලක සිදුවූ ප‍්‍රහාරය නිසා 22 ක් මියගියා.
මෙම ප‍්‍රහාර අන්තවාදී ඉස්ලාම් සංවිධාන මගින් දියත් කර ඇති බවට සැක කෙරේ.