12pm update
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍ය මණ්ඩලයට එම තනතුර දැරීමට බලයක් නොමැති බවට
ක්වෝවොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම් අද (12) යළි අභියාචනාධිකරණයේදි විභාගයට ගත් අතර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර තීරණය
කලේ  මෙම තහනම තවදුරටත් ක්‍රියාත්මක වන බවත් ලබන 2019 වසරේ ජනවාරි 18 තෙක් තහනම දීර්ඝ කරන බවත්ය.
 ගොනු කර ඇති පෙත්සම ජනවාරි මස 16 ,17 සහ 18 යන  දිනවල විභාගයට ගැනීමටත් 18 තීන්දුවක් දීමටත් අභියාචනාධිකරණය නියම කළේය.
මෙම තහනමට එරෙහි මහින්ද මීට පෙර යොමු කළ අභියාචනය භාරගැනීමද අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු කර තිබේ.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරරු එකසිය විසි දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.
මේ අනුව ශ්‍රී ලංකාව ඇමතිවරු අගමැතිවරු නැතිව දිගටම අස්තාවර තත්වයක පවතී
 ----------------------
10.41am update
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍ය මණ්ඩලයට එම තනතුර දැරීමට බලයක් නොමැති බවට ක්වෝවොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම් අද (12) යළි අභියාචනාධිකරණයේදි විභාගයට ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු

එකසිය විසි දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කළහ.

ඒ අනුව අද (12) දිනය දක්වා බල පැවැත්වෙන පරිදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

අද (12) දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ නියෝජිතයින්ට එහිදී නොතීසි ද නිකුත් කෙරුණි.

මෙම පෙත්සම් සලකා බැලීම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර හමුවේ සිදු කෙරයි.