පාර්ලිමේන්තුව අද (12) පස්වරු 01.00ට රැස්විමට නියමිතව තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වන යෝජනාව අද
පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, පලනි දිගම්බරම්, මංගල සමරවීර සහ රිෂාඩ් බදියුදීන් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබේ.
කතානායක කරූ
ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රුස්විමක් ද අද 11.30 පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවැත්විමට නියමිතව තිබේ.
අද දිනයේ ද එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කරන බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා දන්වා ඇත.

රනිල්ට සහාය පළකරන යෝජනාවට එජාපයේ 103 හා ටීඑන්ඒ 14 එකතුව 117 ලැබීමට නියමිත අතර ජවිපය රනිල්ට පක්ෂව ඡන්ද නොදෙන බව කියැවේ.
මේ අතර
අද දින රැස්වන පාර්ලිමේන්තුවේදී මෙම යෝජනාවට ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායමක සහය ලබා දෙන බවත් ඊයේ රාත්‍රියේදී රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඔවුන් මේ ගැන කතාකර ඇති බවත් දේශපාලන රාවයක් පැතිරේ. එසේ වන්නේ නම්අනෙක් අය වර්ජනය කරද්දී දහවල් පාර්ලිමේන්තු රැස්වීමට ඔවුන් එකතුවීමද සිදුවිය යුතුය.