http://www.gossiplankanews.com/2018/10/dj-musician-ex-love.html
රූපලාවණ්‍ය ශිල්පිනියක් සමග විවාහ වී මාස පහක පමණ කාලයකට පසුව එම රූපලාවණ්‍ය ශිල්පිනියගේ අවුරුදු 12යි මාස 04ක පමණ වයසැති නැගණිය සමග හොර රහසේ පලාගොස් එම දැරිය අනියම් බිරිය වශයෙන් තබාගෙන සිටි බව කියන සුප්‍රසිද්ධ ඩී.ජේ. සංගීත ශිල්පියෙක්
මාදම්පේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (08) සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල දී අත්අඩංගුවට ගනු ලැබීය.
විසිහය හැවිරිදි සැකකරු අනියම් බිරිය වශයෙන් තබාගෙන සිටි බව කියන බාල වයස්කාර දැරිය ද පොලිස් බාරයට ගෙන තිබේ

මාදම්පේ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි රූමත් රූපලාවණ්‍ය ශිල්පිනියක් කොළඹ ප්‍රදේශයේ රූපලාවණ්‍යගාරයක සේවය කරන අතරවාරයේ සුප්‍රසිද්ධ ඩී.ජේ. සංගීත ශිල්පියකු සහ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් දෙපාර්ශ්වයේම මවුපියන්ගේ ආශිර්වාදය මැද මීට මාස පහකට පමණ පෙර විවාහ වී ඇත.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු කොළඹ සුපිරිතම හෝටල්වල ඩී.ජේ. සංගීත ශිල්පියකු යැයි පොලිසිය කියයි.

විවාහයෙන් ටික කාලයකට පසුව සංගීත ශිල්පියා මාදම්පේ  පිහිටි බිරියගේ මහගෙදර පදිංචියට පැමිණ තිබේ.

රූපලාවණ්‍ය ශිල්පිනියට අවුරුදු 12යි මාස 04ක පමණ නැගණියක් සිටින අතර ඇයට හලාවත පාසලක 9 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියාය.
කාටත් හොර රහසේ සංගීත ශිල්පියා එම බාල වයස්කාර පාසල් සිසුවිය සමග අනියම් සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඇතැයි පොලිසිය කියයි.

මෙවර පාසල් වාරය සැප්තැම්බර් මාසයේ 03 වැනිදා (සඳුදා) ආරම්භ කර ඊට පෙර දිනයේ (2) පාසල පිරිසුදු කිරීමට යන බව මවට සහ පියාට දැනුම් දී සම වයසේ යෙහෙළියක් සමග එහි ගොස් ඇත.

පාසලේ මිදුල පිරිසුදු කිරීමට ඉඳුලක් රැගෙන ඒමට පාසල් ගබඩා කාමරයට යන බව යෙහෙළියට කියා පිටව ගිය ඇය යළි නොපැමිණි නිසා සෑම තැනකම විපරම් කර බලා යෙහෙළිය මේ බව 12 හැවිරිදි සිසුවියගේ මවට පවසා ඇතැයි පොලිසිය කියයි.

දියණියගේ අබිරහස් අතුරුදන්වීම සම්බන්ධයෙන් මව මාදම්පේ පොලිසියට ගොස් පැමිණිලි කිරිමෙන් පසුව පොලිසිය ඇය සොයා පරික්‍ෂණ ආරම්භ කර ඇත.

අතුරුදන්වූ බාල වයස්කාර පාසල් සිසුවිය ටික දිනකට පසුව සිය මවට ජංගම දුරකතනයකින් කතාකර තමා අක්කාගේ සැමියා සමග පවුල් ජීවිතයක් ගත කරන බව පවසා ඇත. එහෙත් දෙදෙනා සිටින ස්ථානයක් ගැන මව සමග පවසා නොමැත. මාදම්පේ පොලිසියට ලැබුණු
තොරතුරු මත පොලිස් කණ්ඩායමක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල රැක සිට පෙරේදා සවස සංගීත ශිල්පියා අත්අඩංගුවට ගෙන ඔහුත් සමග සිටි බාලවයස්කාර පාසල් සිසුවියච පොලිස් බාරයට ගෙන ඇත.
බාල වයස්කාර දැරියක මවුපියන්ගේ භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාව යටතේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දැරිය වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමට රෝහල්ගත කර තිබේ.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)