මන්ද මානසික රෝගයෙන් පෙළුණ තරුණයෙක් සැලසුම් සහගතව ඝාතනය කළේ යෑයි සැකපිට එම තරුණයාගේ මව, සුළු මව, බාල සොහොයුරා සමග තවත් දෙදෙනෙකු මස්කෙළිය පොලිසිය මගින් 16දා අලුයම සැක පිට අත්අඩංගුවට ගත් බව මස්කෙළිය පොලිසිය පවසයි. ඉකුත් 13දා රාත්‍රී මෙසේ ඝාතනය කර
ඇත්තේ, මස්කෙළිය පොලිස් වසමට අයත්  තේ වතුයායේ, ලොකු සෝලන්කන්ද කොටසේ පදිංචිව සිටි (33) හැවිරිදි නල්ලයියා රාම්කුමාර් නමැති අවිවාහක තරුණයෙකි.

මෙම තරුණයා කුඩා කල සිට මන්ද මානසික රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් පසු වූ අයෙක් බවත්, මොහුගේ මරණය

සැක නොමැති බවත් නිවැසියන් පොලිසියට පවසා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැක සිතූ පොලිසිය මළ සිරුර ඉකුත් (14දා) දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමෙන් අනතුරුව මෙම මරණය ඝාතනයක් බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇති බව මස්කෙළිය පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සටොක්හෝම් හා බ්‍රන්ස්වික් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මස්කෙළිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ආනන්ද ප්‍රේමසිරි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

-ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක-