ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධානයකවරු නව දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ පස්වරුවේ පත් කරනු ලැබූහ.


මැද කොළඹ ආසනයේ සංවිධායකවරයා ලෙස ඇමැති ෆයිසර් මුස්තාපා මහතාද, කඩුවෙල ආසනයේ සම සංවිධායකවරුන් ලෙස බස්නාහිර පළාත් සභාවේ සභානායක හෙක්ටර් බෙත්මගේ සහ කඩුවෙල හිටපු නගරාධිපති පී එම් බුද්ධදාස යන මහත්වරු ද, මතුගම ආසනයේ සම සංවිධායකවරු 

ලෙස ප්‍රියංගනී අබේවීර මහත්මිය සහ සුරංග ප්‍රභාත් මහතා ද පත් කරනු ලැබ සිටිති.

බෙන්තර ඇල්පිටිය ආසනයේ නව සංවිධායකවරයා ලෙස අමිලක හර්ෂණ කාරියවසම් මහතා පත් කර සිටින අතර  කරන්දෙණිය ආසනයේ නව සංවිධායකවරයා ලෙස එන් ඩී සුසන්ත ලාල් ජයවීර මහතා පත්ව සිටී.

හබරාදූව ආසනයේ සංවිධායකවරයා ලෙස තිසර ගුණසිංහ මහතා ද, යාපහුව සංවිධායකවරයා ලෙස වෛද්‍ය කීර්ති ෆොන්සේකා මහතා ද පත් කරනු ලැබ සිටිති.

ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද පස්වරුවේ ජනාධිපතිකාර්යාලයේ දී සිදුවිණි.
අජන්ත කුමාර අගලකඩ